IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


ඉඩම් අයිතිය දෙන්නැයි ඉල්ලා මුලතිව් ගම්වැසියෝ විරෝධතාවයක

(සිතුම් චතුරංග)

මහවැලි එල් කලාපය යටතේ කොක්කුතුඩුවායි, කර්නාටකේණි හා කෝකිලායි හි ප්‍රදේශයේ පවතින ඉඩම් මුලතිව් හි දෙමළ ජනතාවට ලබාදෙන ලෙස ඉල්ලා මුලතිව් ප්‍රදේශවාසීහු පිරිසක් අද (28) මුලතිව් දිස්ත්‍රික ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරතවූහ.

මහවැලි එල් කලාපයේ පවතින දෙමළ ජනතාවගේ කුඹුරු ඉඩම් හා අනෙකුත් ප්‍රදේශ සිංහල ජනතාව විසින් ආක්‍රමණය කර ඇති බවත් එම නිසා මුල් පදිංචිකරුවන් වන දෙමළ ජනතාවට මෙම ඉඩම් අයිතිය ලබාදෙන ලෙසද විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.

විරෝධතාවයට එක්ව සිටි හිටපු පළාත් සභා මන්ත්‍රී තුරෙයිරාසා රවීහරන් මහතා පවසා සිටියේ දෙමළ ජනතාවගේ කුඹුරු ඉඩම් ජනකපුර හා අවට සිටින සිංහල ජනතාව ආක්‍රමණය කර ඇති බවත් දෙමළ ජනතාවගේ ඉඩම් තුළ සිංහල ජනතාව මහවැලි එල් කලාපය යටතේ වගා කර ඇති බවයි.

පැයකට ආසන්න කාලයක් මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට ප්‍රධාන ගේට්ටුව අවහිරකරමින් විරෝධතාකරුවෝ ඉඩම් අයිතිය ඉල්ලා බැනර් හා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරතවූහ.

විරෝධතාකරුවන් විසින් ඉඩම් අයිතිය ඉල්ලා සකස් කළ සංදේශය මුලතිව් දිස්ත්‍රික් ලේකම් රූපවතී කේදීෂ්වරම් මහත්මිය වෙත බාරදීමෙන් පසුව විරෝධතාව අවසන් කෙරිණි.

විරෝධතාවය සඳහා දෙමළ සන්ධාන ප්‍රාදේශීය දේශපාලන ක්‍රියාකාරීහු, සිවිල් සංවිධාන ඇතුළු ප්‍රදේශවාසීහු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (1)

ඉඩම් අයිතිය දෙන්නැයි ඉල්ලා මුලතිව් ගම්වැසියෝ විරෝධතාවයක

senevi Wednesday, 28 August 2019 10:43 AM

සිංහල මිනිස්සු යාපනෙන් එලවල දාල යේම ටිකෙන් ටික රටම ආක්‍රමණය කරන්න එන්න වගේ හදන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 325 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 423 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 396 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site