(එච්. චන්දන )
ආණමඩුව - මහඋස්වැව ශ්‍රී රතනපාල විද්‍යාලයේදී දරු දැරියන්ගේ ඉංග්‍රීසි භාෂාව වැඩි දියුණු කිරීම වෙනුවෙන් වරස 6ක් අලුයම ඉංග්‍රීසි පන්තියක් පවත්වන බවද එය අති සාර්ථක බවද විද්‍යාලයේ විදුහල්පති ජේ. ඒ. තිලකසිරි මහතා පවසයි.
අලුයම 5.00 ආරම්භ වන මෙම ඉංග්‍රීසි පන්තිය උදෑසන 7.00 දක්වා විද්‍යාලයේ එළිමහන් භූමියේ පැවැත්වේ. විද්‍යාලයේ විවිධ ශ්‍රේණිවල දරුවෝ 150 – 200 අතර ප්‍රමාණයක් මේ සඳහා එක්ව සිටිති.
සම පදත්ත ඉගැන්වීම ක්‍රමය යටතේ ඉගැන්වීම කළ බවත්, මුලින්ම කණ්ඩායම් නායකයින් රැසක් පත් කර ඔවුන්ට විශේෂ පුහුණුවක් ලබා දුන් බවත් පසුව එම නායකයින්ට පාසල තුළ මිතුරන් සමඟ සිංහල භාෂාවෙන් කථා නොකරන ලෙස දැන්වූ බවද එයින් දක්ෂ ලෙස ඉංග්‍රීසි කථා කරන දරු පිරිසක් ඇති කරගැනීමට හැකි වූ ද ඉංග්‍රීසි ආචාර්යවරයා වූ නීල් මහතා පවසයි.
මේ සඳහා ඉදිකළ ඉංගීසි පුස්තකාලයට ඉංගීසි පොත් පත් අඩු බවත්, ඒ සඳහා උපකාර කරන ලෙසත් නීල් කරුණාරත්න මහාතා වැඩිදුරටත් ඉල්ලා සිටියි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මිහිපිට සිටිනා නියම ගුරුවරු....මේ දරුවන්ගේ ඇස් පෑදීමට ඔබ සැම ගන්න උත්සාහයට අප හිස නමා ආචාර්ය කරන්නෙමු. ඔබලාගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා!!!!
ඔබතුමා නම් සැබෑම ගුරු දෙවියෙක්. අනෙක් ගුරුවරුන්ටත් රටටමත් විශාල ආදර්ශයක්. මේ ගුරුතුමා නම් සියලු දෙවියන් රැක දෙන්න ඕන.
අද කාලේ ඔබ තුමා වගේ ගුරු දෙවිවරු ඉන්න එකත් වාසනාවක් , අපේ කාලෙත් ඔය වගේම ගුරුදෙවිවරු හිටිය ,මම බටපොල මහා විද්‍යාලේ ඉන්න කාලේ හිටිය හෙමානන්ද උදුවිලාරච්චි , කල්යානි උදුවිලාරච්චි කියල ගුරු දෙවිවරු දෙන්නෙක් , එයාලත් ඔය වගේම අපට අකුරු සාස්තරේ දුන්න , ඔබ තුමාට ජය ,