හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ රෝවන් පෙරේරා
පුත්තලම ප්‍රාදේශීය සභා සැසිවාරයේදි අද (21) සභාපතිවරයා ඇතුළු සියලුම මන්ත්‍රීවරුන් අරුවක්කාඩු කසල අංගනයට විරෝධය දැක්වීම සිදු කෙරිණි.
මෙම විරෝධතාවය සඳහා සභාව නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරුන් 23 දෙනා සමඟ සභාපති අංජන සදරුවන් මහතා ද එක්වීම විශේෂත්වයක් විය.
පෝස්ටර් ඔසවා ගනිමින් මන්ත්‍රීවරුන් විනාඩි කීපයක් සභා සැසිය පැවති ශාලාවේ මහ හඩින් ශබ්ද නගමින් කොළඹ කුණු අපිට එපා යැයි දැවැන්ත විරෝධයක් දැක්වීම දැකගත හැකිවිය.
දැනට බන්ධනාගාර ගතව සිටින සභාපති අංජන සදරුවන් මහතා බන්ධනාගාර බස් රථයකින් සභාවට පැමිණ සිටි අතර සැසිය පැවති ශාලාවේ විරෝධතාවය මහ හඩින් විරෝධයේ ශබ්දය ඇසුණු පොලිස් නිළධාරිහු ද කළබලයට පත්ව සිදුවන්නේ කුමක් දැයි සොයා බැලීමට ශාලාවට පැමිණියහ.




COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.