(සිරංගිකා ලොකුකරවිට)
ගාල්ල දෙවට අධිවේගී මාර්ගයට ප්‍රවිෂ්ට වන ස්ථානයේ සිට ගාල්ල නගරය දක්වා පවතින අධික තදබදයට හේතුවන අනවසර ඉදිකිරීම් සහ අවිධිමත් වාහන නවතා තැබීම් ඉවත් කිරීම අද(27) දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා සහ ගාල්ල නගරාධිපති ප්‍රියන්ත සහබන්ධු මහතාගේ මැදිහත් වීමෙන් සිදුවිය.
ගාල්ල මහ නගර සභාව,මාර්ග සංවර්ධන අධිකාරිය, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, ශ්‍රී ලංකා පොලිසිය සහ විශේෂ කාර්ය බලකායේ සහභාගිත්වයෙන් මෙම කටයුතු සිදුවිය.

COMMENTS
ගාල්ල නගරය මැද දුම්රිය ස්ථානය අසල කුණු ඇලේ පාළමේ කොටසක් අනවශ්‍ය කාලයක් දැනට වැය කර ඉක්මනින් පාළමේ ඉදිකිරිම් කටයුතු සිදු නොකිරීම හා ගාල්ල ක්‍රිඩා මණ්ඩපය අසළ පදික මාරුව සදහා විදුලි මාර්ග සංඥා ස්ථාපිත කිරීමෙන් පසු මාතර සිට පැමිණ බස් නැවතුමට හැරවීමට නියමිත පොදු මගී ප්‍රවාහන බස් රථ ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පළට හැරවීමේ දි මෙන්ම, අනෙක් පසින් ඵනම් පොලිස් ස්ථානය පැත්තෙන් හික්කඩුව,අම්බලන්ගොඩ,කරාපිටිය,ඇල්පිටිය,රත්ගම,අධිවේගී මාර්ග ආදි බස් රථ පැමිණ බස් නැවතුමේ අනවශ්‍ය ලෙස හිරවීම නිසා මාර්ග තදබදයක් හටගන්නවා ඇත.ඵම හේතවෙන් වේලා සටහන් ප්‍රශ්න බස් රියදුරු හා කොන්දොස්තර මහතුනුට ඇති වි අධික වේගයෙන් නළා ශබ්ද කිරිම අශෝබන හා මිනිසුන් ගැවසෙන ( ඉතා කුඩා ළදරුවන්ගේ සිට මහළ්ලන්ගේ පවා ) ශ්‍රවණ පරාසයන්ට හානි පැමිණෙන අයුරු මා දැක ඇත. මේ පිළිබදව ගරු දකුණු පළාත් ආණ්ඩුකාර තුමන්ගේ පෞද්ගලික නිරීක්ෂණ අවධානයට ලක්වේවායි ප්‍රාර්ථනා කිරීමට කැමැත්තෙමි.