Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2023 පෙබරවාරි මස 02 වන බ්‍රහස්පතින්දා
( හාලිඇල- විජේරත්න රත්නායක සහ ඇටම්පිටිය- චන්දන කුරුප්පුආරච්චි )
රටේ විදුලි අවශ්‍යතාවයට මුවාවී අධික මිලට විදුලිය මිලදී ගැනීමට බලධාරීන් කටයුතු කරන බවත්, පාලකයින් උත්සාහ කරන්නේ ජනතාවට ප්‍රශ්න ඇතිකොට ඒ ප්‍රශ්න විසඳීමට කියා ජනතාව මත බර පැටවීමට බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ අද (06) දහවල් හාලිඇල රොකතැන්න ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අවසානයේ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. එහිදී අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය.
‘‘අද පවතින විදුලි අර්බුදය රටේ ආර්ථිකයට හා ජන ජීවිතයටද විශාල බලපෑමක් කරනවා. ඒ නිසා එවන් ක්ෂේත්‍රයක් ඉතා සැලසුම් සහගතව මෙහෙයවිය යුතුයි. නමුත් සෑම පාලකයාම කළේ ඒ සඳහා අවශ්‍ය දීර්ඝකාලීන සැලසුම් සකස් නොකර, ඒ සඳහා අපට ඇති ස්වභාවික සම්පත් උපයෝගී කර නොගෙන ඉතා අධික මිලකට විදුලිය මිලදී ගැනීමට කටයුතු කිරීමයි. මේ විදුලිබල අවශ්‍යතාවයට මුවාවෙලා අදටත් මේ අය කටයුතු කරන්නේ විදුලි ඒකකයක් රුපියල් තිහක් වැනි අධික මිලකට මිලදී ගන්නයි. මේ පාලකයන් හැමදාමත් උත්සාහ කරන්නේ ජනතාවට ප්‍රශ්න ඇතිකොට ඒ ප්‍රශ්න විසඳීමට යැයි කියා ජනතාව මත බර පැටවෙන තීන්දු තීරණ ගන්නයි.
ඒ නිසා අද පවතින මේ විදුලි අර්බුදයට මේ රට පාලනය කළ හා පාලනය කරන සෑම පාලකයාම වගකිය යුතුයි. සෑම වසරකම පාහේ ඇතිවන මේ ප්‍රශ්නය සඳහා දිගුකාලීන සැලැස්මක් හා මෙහෙයුමක් නොමැතිවීම පාලකයින්ගේ අසමත් බවක්... ඒත් එහි විපාක විඳින්නේ ජනතාවයි.‘‘ යැයි සඳහන් කළේය.
Upali Saturday, 06 April 2019 03:21 PM
පාලකයන් විතරක් නොවී ඔබත් අසමත්. නිකන් කියවනවා විතරි.
Reply : 89 545
Nissanka Sunday, 07 April 2019 05:57 AM
සමත්ද අසමත්ද කියලා බලන්න අවුරුදු පහකට දීලා බලමුද?
Reply : 638 218
Vajira Sunday, 07 April 2019 08:50 AM
අනුර කුමාර මහතා කෘෂිකර්ම ඇමති ධුරය දරන විට අවුරුද්දක් ඇතුලත මිල්කෝ, N.L.D.B. ආයතන වසරක් ඇතුලත ලාභ ලබන අායතන බවට පත් කළා. දූෂණය නාස්තිය නතර කළොත් මේ රට හදන්න පුළුවන් කියා ඔප්පු කළා.
Reply : 483 464
Dr. Vajira Fernando Sunday, 07 April 2019 08:52 AM
උපාලි පුලුවන්නම් ජවිපෙ මූලික වෙලා හදපු ජාතික විද්වත් සැලැස්ම කියවලා බලන්න. මේ රටේ ඉහළම බුද්ධිමතුන් ඒ සැලැස්ම හදන්න දායක වුණා...
Reply : 745 222
Upali Monday, 08 April 2019 03:33 PM
මම කැමතියි එය කියන්න. කරුණාකරලා ඒක ගන්නේ කොහෙන්ද කියන්න පුළුවන්ද?
0 15
Nissanka Monday, 08 April 2019 07:22 PM
ඔබේ දිස්ත්‍රික්කයේ ජවිපෙ කාර්යාලයකට ගියොත් ගන්න පුළුවන්
0 45
Bamunuarachchi Thursday, 11 April 2019 07:50 AM
පිස්සු කෙලින්න එපා හලෝ මේ ආණ්ඩුව පෙරලගන්න අවස්ථාව ලැබුණ වෙලාවේ මේ අය මුක්කු ගහල දැන් ඔහේ කියනවා උන්ගේ තවත් පන්තියකට යන්නලු අලුත් පොතක් ඉගෙන ගන්න. උන්ගේ පන්ති ගිය අය ගිය දිහාව අපි දැක්ක. ඒ දිහාවට යවපු එවුන්ටමයි මුන් මුක්කු ගැහැව්වේ. මුන්වත් පර අයිනේ කණුවල ගහල තියාන්න වෙනවා රටේ ජනතාවට. යහ පාලනයට ඡන්දෙ දුන්නෙත් යහපාලනය ගැන කියවලා නේද?
245 58
Sanath Kandy Thursday, 11 April 2019 11:38 AM
බමුණුආරච්චි, ආණ්ඩුව පෙරලන්න විශ්වාසභංගය ගෙනා වෙලාවේ මගෑරලා ගියේ රාජපක්ෂලා. රනිල් එක්ක ඩීල් දාලා නඩු ටික ශේප් කරගන්න. මෛත්‍රී නීති විරෝධිව මහින්ද අගමැති කරපු වෙලාවේ ජවිපෙ ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගන්න. 2005 ජනාධිපතිවරණයේදී මහින්ද දිනෙව්වේ තනිකරම ජවිපෙ උත්සාහයෙන්. වෙන කවුරුත් එක පෝස්ටරයක් ගහන්න උදව් කරේ නැහැ. එතකොට ජවිපෙ හොඳයි. හොරකම් වංචා දුෂණ වලට විරුද්ධ වෙනකොට ජවිපෙ නරකයි. 2005 ජවිපෙ කරපු උදව්වට මහින්දගේ බැසිල් මල්ලි කළේ දෙපාරක් ජවිපෙ ඇතුලේ කුමන්ත්‍රණකාරයෝ හදලා ජවිපෙ තුනට කඩලා දුර්වල කරපු එක. හොරකම, වංචාව දුෂණය කවුරු කරත් ජවිපෙ විරුද්ධයි. මහබැංකු බැදුම්කර වංචාව මුලින්ම හෙළි කළෙත් ජවිපෙ. ඒ හොරකම නිසා කලින් ආණ්ඩුව කරපු හොරකම් අමතක කරන්න මේ රටේ මිනිස්සු සුදානම් නැහැ. මේ හොරු පන්නලා පරණ හොරු ආපහු බලයට ගෙනාවා කියලා රටට හොඳක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ දෙගොල්ලම පන්නලා රටට ආදරය කරන රට ගොඩනගන්න විකල්ප වැඩ පිළිවෙලක් තියෙන පිරිසකට මේ රට බාර දෙන්න ඕන. ජාතික විද්වත් සැලැස්ම කියන්නේ ජවිපෙ පොතක් නෙවෙයි. මේ රටේ ඉහලම බුද්ධිමතුන්, එකතු වෙලා හැදු වැඩපිළිවෙලක්.
1719 1703
Sanath Kandy Saturday, 06 April 2019 05:36 PM
දැන් මේ රටට ඇති එකම බලාපොරොත්තුව ජවිපෙ පමණයි. අවුරුදු හැත්තෑවක් තිස්සේ රට අගාදයට ගෙනගිය ප්‍රධාන පක්ෂ දෙකම තමන්ගේ අසමත්කම ඔප්පු කරලා තියෙන්නේ. දැන්වත් අපි වෙනසක් ගැන හිතමු. ජවිපෙට අවුරුදු 5 කට රට බාර දීලා බලමු.
Reply : 1057 487
sunil Sunday, 07 April 2019 10:45 PM
දන්නේ නැති හින්දයි අහන්නේ මහත්තයෝ. ජවිපෙට රට බාර දුන්නම, නවක වදය සහ පෙළපාලි යාම බාලාංශයේ සිට අනිවාර්ය විෂයන් බවට පත් කරනවද?
Reply : 67 615
sarath Monday, 08 April 2019 03:05 AM
අම්මෝ මොනවට කියනවද .තියෙන ජාතික ආලෙට ,87-88 ට්‍රආන්ස්ෆොර්මර් කීයක් පුපුරවල අරියාද මයේ අම්ම .
Reply : 110 1782
wasantha Monday, 08 April 2019 12:18 PM
ට්‍රාන්ස්ෆෝමර් පුපුරවා හැරීමට හේතුව විය හැක්කේ, මෙතුමා යෝජනා කරන ස්වභාවික සම්පත් උපයෝගී කර නිපදවන විදුලියට ඒවා අනවශ්‍ය නිසා විය හැකියි.
Reply : 9 168
lanka Monday, 08 April 2019 09:37 AM
මෙතුමා සඳහන් කර සිටිනවා රජය අපට ඇති ස්වභාවික සම්පත් උපයෝගී කර නොගෙන, ඉතා අධික මිලකට විදුලිය මිලදී ගන්නවාය කියා... මා දන්නා තරමට ලංකාවේ තවත් විශාල ජලවිදුලි බලාගාර ඉදිකිරීම ප්‍රායෝගික දෙයක් නොවේ. සූර්ය කෝෂවලින් නිපදවන විදුලිය ගබඩා කළ නොහැකි බැවින්, රාත්‍රී කාලයේදී භාවිතා කළ නොහැක. එසේනම්, අප භාවිතා නොකරන්නේ කුමන ස්වභාවික සම්පත්ද කියා මෙතුමාට කිව හැකිද? ස්වභාවික වායු හෝ ගල් අඟුරු බලාගාර ඉදිකළ හැකියි.. නමුත්, එවැනි දේ සඳහා රටේ මුදල් නොමැති බැවින්, පිටරටින් ණය ගැනීමට සිදුවනු ඇත...
Reply : 102 2
Sanath Kandy Monday, 08 April 2019 10:51 AM
සුර්ය තාපයෙන් දහවල් කාලයේදී විදුලිය නිපදවා ජලවිදුලි බලාගාර වල ජලය රාත්‍රියේ විදුලිය නිපදවීම සදහා ඉතිරි කරගන්න පුළුවන්. සුළං බලාගාර මගින් දිවා රාත්‍රී දෙකේම විදුලිය නිපදවිය හැකියි. වැදගත්ම දේ මෙහිදී පරිසර හානියක් නොමැති වීම. ඒ වගේම විදේශ විනිමය වැය නොවීම. ඔබට තවත් විස්තර උවමනානම් ජවිපෙ මුල් වෙලා සකස් කළ ජාතික විද්වත් සැලැස්ම කියවා බලන්න. බලශක්ති අර්බුධය විසඳන හැටි සවිස්තරාත්මකව පැහැදිලි කර තිබෙනවා.
Reply : 1 180
upali Thursday, 11 April 2019 11:22 AM
නිශාන්ත සහ වජිර දෙදෙනාමට ස්තූතියි..
Reply : 0 51
sarath Friday, 12 April 2019 11:09 AM
මා සිතන හැටියට ජවිපෙට ජාතික ඡන්ද පදනම වැඩි කර ගත නොහැක්කේ ඔවුන්ගේ අතීතයේ පැවති ප්‍රචණ්ඩකාරී හැසිරීමයි. විශේෂයෙන්ම 88/89 සමයේ සාමාන්‍ය පුරවැසියන් මරා දමමින්, ට්‍රාන්ස්ෆෝමර් විනාශ කරමින්, ලංගම බස් පුළුස්සා දමමින්, රජයේ ගොඩනැගිලි විනාශ කරමින්, රාත්‍රී කාලයේ නිවෙස්වලට බලෙන් පැමිණ හැඳුනුම් පත්‍ර හොරකම් කිරීම වැනි ක්‍රියාවලින් ඔවුන් හුවා දැක්වුයේ ඔවුන් පාලන ක්‍රමයයි. ජවිපෙ මෙවැනි ක්‍රියා වර්තමානයේ අනුමත නොකරනවාද යන්න ගැන නොදනිමි. නමුත්, වර්තමාන මහජන ඡන්ද වලින් තවමත් පෙන්නුම් කරන්නේ මහජනයා එදා ඔවුන් ගෙනගිය පාලන ක්‍රමය පිළිගන්නවාද, නැද්ද යන්නයි. ලංකාවේ දේශපාලනයට ජවිපෙ මගින් යම් සැලකිය යුතු බලපෑමක් තවමත් කළ නොහැක්කේ මේ හේතුව නිසා යයි සිතමි...
Reply : 51 78
kalani withanage Friday, 12 April 2019 11:48 AM
පිළුණු කතන්දර වෙනුවට විද්වත් කතාන්දරය කියවන්න. වසර 71ක් රට වැනසූ මුග්ධයින්ගේ මුසා වෙනුවට සත්‍ය සොයන්න.
Reply : 214 248
සංජීව Thursday, 18 April 2019 04:54 AM
මේකේ ඉන්න සමහරු ඇත්ත ඇති සැටියෙන් දකින්නේ නැහැ . තමන් දා ගත්ත කණ්ණාඩියේ පාටට බලනවා. තමන්ගේ දරුවන්ගේ අනාගතේ විනාශ කරන්න හදනවා තමන්ගේ පක්ෂය දිනවන්න. සිගිති ආතල් එකක් අරගෙන. ලෝකේ වෙන රටවල් බලන්න. හරි දේ කරන කෙනාට හැමෝම සහයදෙනවා. හැමදාම වැරදි කරන දේශපාලකයෝ ඉන්න පක්ෂ හරි අතීතයේදී වරදක් කරපු එක තමා වැරදි. සමහරවිට ඒ වා කරපු මිනිස්සු දැන් මැරිලත් ඇති. නමුත් එකම තමා පෙන්නේනේ.
Reply : 1 40