
(යොහාන් භාසුර)
අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යෑම සහ ගෑස් සම්බන්ධයෙන් උද්ගත වී ඇති තත්වයට විරෝධය දක්වමින් නිදහස උදෙසා කාන්තා සංවිධාන, කොළඹ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඉදිරිපිට අද (03) විරෝධතාවක් පැවැත්වීය.
‘මිනීමරු ගෑස් සිලින්ඩර ආපසු ගෙන්වනු වන්දි ගෙවනු’, ‘තව කීයක් පුපුරන්න ඕනද? තව කීදෙනෙක් මැරෙන්න ඕනද? තොපේ ඇස් ඇරෙන්න’ සහ ‘හාල් ගිනිගණන් බඩවල්වල හුලං විරුවා කෝ බං’ ආදි පාඨ ඇතුළත් පුවරු අතැතිව එම සංවිධානයේ සාමාජිකාවෝ එහිදී උද්ඝෝෂණය කළහ.
නිදහස උදෙසා කාන්තා සංවිධානයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න එහිදී පැවසුවේ පාර්ලිමේන්තුවෙන් එළියේ ජනතාවගේ බලයත් මහ පාරේ හඩ නඟන මිනිස් බලයක් නිර්මාණ කිරීමෙන් තොරව වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකළාපය පාලනය කළ නොහැකි බව පැවසුවාය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd