
මෙරට ප්‍රධාන පෙළේ බලපත්‍රලාභී වාණිජ බැංකු අද (14) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇත.
මහජන බැංකුව, ලංකා බැංකුව, කොමර්ෂල් බැංකුව සහ සම්පත් බැංකුව යන බැංකු හතර අද (14) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අනුපාතය රුපියල් 265ක් දක්වා අවප්‍රමාණය වී ඇත.
ඇමෙරිකානු ඩොලරයකට මහජන බැංකුව ලබාදෙන ගැනුම් අනුපාතිකය රුපියල් 254.72ක් වන අතර විකුණුම් අනුපාතිකය රුපියල් 264.99කි. ලංකා බැංකුවේ ගැනුම් අනුපාතිකය රුපියල් 255ක් වන අතර විකුණුම් අනුපාතිකය 265.00කි. කොමර්ෂල් බැංකුවේ ගැනුම් අනුපාතිකය ඩොලර් 255.00ක් වන අතර විකුණුම් අනුපාතිකය 265.00කි. සම්පත් බැංකුවේ ගැනුම් අනුපාතිකය 255ක් සහ විකුණුම් අනුපාතිකය 265ක් වේ.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව අද (14) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 249.96ක් වන අතර විකුණුම් අනුපාතිකය රුපියල් 259.99ක් ලෙස සටහන් වී ඇත.
(055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd