(සුජිත් හේවාජුලිගේ )

කිලෝ තුන්සීයක් පමණ බරැති ස්ටාර් ඔෆ් ඒසියා  ගෙවුඩ මැණික ඉදිරි දෙසතියේදී  වෙන්දේසි කිරීමට  කටයුතු යොදා ඇතැයි  මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත  කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවසීය.

මැණික වෙන්දේසි කිරීම සඳහා මැලේසියාවේ වෙන්දේසි කරුවන් පිරිසක් මෙරටට ළඟදීම පැමිණීමට නියමිතව ඇතැයිද  ඔහු සඳහන් කළේය.