(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට පක්‍ෂය ගන්නා තීරණ ගැන ප‍්‍රකාශ කළ හැක්කේ අගමැති මහින්ද රාජපක්‍ෂ, ජනපති මෛත‍්‍රීපාල සිරිසේන, එහි සභාපතිවරුන් වන ජී.ඇල් පීරීස් හෝ බැසිල් යන මහත්වරුන්ට මිස ඒපැත්තෙන් ඇවිත් දින දහතුනකට පෙර සාමාජිකත්වය ගත් ලක්‍ෂමන් යාපාට නොවන බව රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටී.රංජිත් සොයිසා මහතා අද (25) පැවසීය.
ඇඹිලිපිටියේ පැවති මාධ්‍ය හමුවකදී තව දුරටත් අදහස් දැක්වූ රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටී.රංජිත් සොයිසා මහතා මෙසේ ද කීවේ ය.
‘පූර්ණ විනිසුරු මණ්ඩලයක් ඉදිරියේ විභාග වන පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට විරුද්ධව පවරා ඇති නඩුවේ කුමන තීන්දුවක් ලැබුණත් ඒක පිළිගෙන ඉදිරි වැඩකටයුතු කරගෙන යන්න එක්සත් ජනතා නිදහස් සංධානය හැටියට අපි සුදානම්.
නමුත් රංජන් රාමනායක කියනවා පස් දෙනෙකුගෙන් යුතු විනිශ්චය මණ්ඩලයක් ආවොත් තුන්දෙනෙක් එයාලට වාසිවන ලෙසටත්, දෙන්නෙක් අපට වාසිවන ලෙසටත් තීන්දුව දෙනවාය කියලා. එහෙම පූර්ව නිගමනයට එන්නේ කොහොමද කියලා අපිට ලොකු සැකයක් තියනවා.
ළඟදි එකතු වෙච්ච සමහර මන්ත‍්‍රීවරු කරන ප‍්‍රකාශවල වගකීම පෞද්ගලිකව ම ඒ අය දරාගත යුතු මිසක්, මහින්ද රාජපක්‍ෂ මැතිතුමා හෝ අප එහි වගකීම බාරගන්නේ නෑ.
හත්වෙනිදාට දෙන තීන්දුවත් සමග දේශපාලන කටයුතු සංවිධානය කරනවා. ඉතාම නිර්ලජ්ජිත ආකාරයට කරුණාරත්න ජයසූරිය මහතා පාර්ලිමේන්තුව හසුරුවන තාක්කල් පාර්ලිමේන්තුවේ කිසිදු රැස්වීමකට සහභාගි නොවීමට අපි ගත් තීන්දුව එසේම අපි ක‍්‍රියාත්මක කරනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පලයව් ගෙදරම පලයව්...
දෙපැත්ත තුන් පැත්ත කන යාපාට ඔබ කී කතාව නිවැරදි වගෙයි පේන්නේ. ඒත්, රන්ජන්ට එම අදහස දැරීමේ අයිතිය තියෙනවා. ඒත් ඒක නිවැරදි නොවෙන්න පුළුවන්. ඒ ගැන ඔබලා මෙතරම් කලබල වෙන්නේ ඇයි ? පාර්ලිමේන්තුවේ හැසිරෙන්නවත් නොදන්නා ඔබගේ කල්ලියේ අයගේ වරද ඔබට පෙන්නේ නැහැ. ඔබ නීතිය නොදන්නවාට පාර්ලිමේන්තු සම්ප්රදාය අනුව කතානායක තුමා නිවැරදියි.
ඔබලාගේ 100 යේ ප්රබලොයෝනේ.
දින දහතුනට මෛත්‍රි, මහින්ද ඇතුළත් නැතිද..?
ඉවසන්න තව දින කීයද? නඩුව අහලා ඉවරයක් උනාම ඔය ප්‍රශ්න ඔක්කොම කම්මුතුයි.