(ඩී.ජී.සුගතපාල)
මුහුණු පොත හරහා සංවිධානය කර තිබු සාදයක් වටලා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තරුණයින් 26 දෙනා සහ තරුණියන් දෙදෙනා ඇතුළු 28 දෙනා ඇප මත මුදා හරින ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (2) නියෝග කළේය.
එක් අයකුට රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියම කෙරිණි.
පසුගිය 29 වැනිදා රාත්‍රි අක්මීමණ පොලිස් වසමේ හෝටලයක මෙම තරුණ තරුණියන් 28 දෙනා සාදයක් පවත්වමින් සිටියදි පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ මේ මස මස 9 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරිමට ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ප්‍රේමරත්න තිරාණගම මහතා 30 වැනිදා නියෝග කලේය.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටියේ වයස අවුරුදු 18ත් 24ත් අතර වයස්වල පසුවන මොරටුව, අම්පාර,අනුරාධපුරය, මාතලේ,බදුල්ල.තුරුණෑගල කොළඹ සහ ගාල්ල යන ප්‍රදේශවල පදිංචි තරුණයින් 26 දෙනකු සහ අම්පාර හා මොරටුවේ පදිංචි තරුණියන් දෙදෙනෙකි.
නිරෝධායන නිති රිති උල්ලංඝනය කරමින් ඈත පළාත්වලින් මෙම සාදයට පැමිණ සිටි අතර රාජ්‍ය බුද්ධි අංශය විසින් ද මේ පිළිබඳ පරික්ෂණ පවත්වන බවත් තවමත් පරික්ෂණ අවසන් නොමැති බවත් පොලිසිය කියා සිටියේය.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ මෙම පිරිස අතර ප්‍රධාන පාසල්වල ඉගෙනුම ලබන උසස් පෙළ විභාගයට පෙනි සිටින සිසුන් ද වන අතර තවත් අය උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය ලබන අය බවයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ෆේස්බුක් සාදයේ 28 දෙනාට ඇප