(ජයන්ත සමරකෝන්)
ජාතික හැඳුනුම්පත් නොමැති ඡන්ද දායකයන් වෙත තාවකාලික ලිපියක් නිකුත් කිරීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
හැඳුනුම්පතේ අඩංගු සියලු විස්තර හා ඡායාරූප ද සහිතව තම අත්සනින් යුතුව මෙම තාවකාලික ලිපිය ලබන 7 වැනිදා සිට නිකුත් කරන බව එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය.
හැඳුනුම්පත් අයදුම්කර ඇති ඡන්ද දායකයින් ලක්ෂ 3 කට මෙම සහතික කිරීමේ ලිපි නිකුත් කරන බවද ඒ මහතා කීය.
මෙම ලිපි මැතිවරණ කොමිසම හරහා දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් වෙතද ප්‍රාදේශීය ලේකම්වරුන් වෙතද යවා ග්‍රාම නිලධාරීන් මගින් අයදුම්කරුවන්ට ලබාදීමට නියමිත බවද හෙතෙම සඳහන් කළේය.
මැතිවරණ දින දක්වා නිකුත් කරන මෙම සහතික කිරීමේ ලිපිය ඡන්දය භාවිතා කිරීමෙන් පසු ඡන්ද ස්ථානාධිපතිවරුන් වෙත භාරදිය යුතුවේ.
මේ අතර ඇනවුම් කළ කාඩ්පත් ලක්ෂ 10 ක් මැලේසියාවෙන් ලැබෙමින් පවතින බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක භයානකයි.., ඒක හොර ඡන්දවලට මගක්...