(රංජන් කස්තුරි)
හිටපු පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය ඇමැති එච්.එම්.එම් හාරිස් මහතා නැවත ඇමැති ධූරයක් බාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.
අම්පාර දිස්ත්‍රික්කයට අයත් කල්මුණේ උතුර උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රධාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් බවට පත් කිරීමේ රජයේ තීරණයට විරෝධය දැක්වීමක් ලෙස හාරිස් මහතා ඇමැතිධූරය බාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.
දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීම මත කල්මුණේ උතුරට නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ලබාදීමෙන් මුස්ලිම් ජනතාවට අසාධාරණයක් වන බව පවසමින් හා එම තීරණය නවතා දමන ලෙස ඉල්ලමින් හාරිස් මහතා ඇමැති ධූරය ප්‍රතික්ෂේප කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදරේට කියන කතා බොලඳ වුණාට.. සාගරේක ගැඹුර දැනෙයි නොවෙද ඔයාට... //
මේගොල්ලො ඇමති ධූර එපා කියන්නේ මුස්ලිම් ජනතාවට තියන ආදරයට නම් නොවේ. ජාතිවාදය වපුරා මීළඟ ඡන්දයදි තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කර ගැනීමට
රට දියුණු නොකරනු. ජාතිවාදය වපුරනු. ඒකද අපි අනුමත කරන්න ඕනෑ...
කොහොමත් ඡන්දෙ ලගයිනේ.