නව කොරෝනා වයිරසය හෙවත් 'කොවිඩ්-19' වසංගතය හේතුවෙන් මෙවර හජ් වන්දනාව විදෙස් වන්දනාකරුවන්ට තහනම් කරන බව සෞදි අරාබිය ප්‍රකාශ කරයි.
සෞදි බලධාරීන්ට අනුව රටේ සිටින බැතුමතුන්ට පමණක් මෙවර හජ් වන්දනාවට සහභාගි විය හැකිය.
"මෙවර හජ් වන්දනාව සීමිත පිරිසක් සම්බන්ධ කරගෙන පවත්වන්න තීරණය කළා. රටේ සිටින විවිධ ජාතිකයන්ට මෙවර වන්දනාවට සහභාගි විය හැකි" යැයි සෞදි බලධාරියකු උපුටා දක්වමින් සෞදි පුවත් සේවය වාර්තා කර තිබිණි.
වාර්ෂික හජ් වන්දනාව වෙනුවෙන් ලොව නන්දෙසින් මිලියන දෙකකට වැඩි පිරිසක් වාර්ෂිකව ඉස්ලාම් බැතිමතුන්ගේ ශුද්ධ වූ ස්ථානය වන මක්කමට පැමිණෙති.
අල්ජසීරා
(055)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම කරන්නේ කොහොමද? මෙතන හැම මුස්ලිම් කෙනෙක්ටම අයිති තැනක්. අනෙක දෙවියන් විසින් ඔවුන්ව රැකබලා ගන්නවා. දෙවියන් ගැන විශ්වාසේ තියලා මේවා කරන්න ඕනේ. ලෝකෙම ඉන්න මුස්ලිම්වරු මේකට විරුද්ධ වෙන්න ඕනේ. මානව හිමිකම් කඩකිරීමක්. අපේ රටේ 3% කට්ටියට මේවා පේන්නේ නැද්ද? ආගමික නිදහස නැතිවෙලා.
සැමදාටම තහනම් කරන්න. මොකටද නිකන් කළු පෙට්ටියක් වටේ කැරකිලා පෑගිලා මැරෙන්න ඔච්චර දුරක් යන්නේ...?