(රංජන් කස්තුරි)
සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඊයේ(19) අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම ගැසට් නිවේදනයට අනුව සුදු සම්බා, රතු සම්බා, සුදු නාඩු, රතු නාඩු කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 98ක් විය යුතුය.
කීරි සම්බා, සූදුරු සම්බා, මොට්ටයිකරුපන් හා ආට්ටකාරී සහල්වලට එම උපරිම සිල්ලර මිල අදාළ නොවන බවද එහි සඳහන් වේ.
ඒ අනුව කිසියම් නිෂ්පාදකයකු ආනයනකරුවකු, බෙදාහරින්නකු හෝ වෙළෙන්දකු විසින් උපරිම සිල්ලර මිලට වඩා ඉහළ මිලකට එම සහල් අලෙවි නොකළ යුතු අතර, එම නියෝගය ඉකුත් 19 වැනි දින සිට ක්‍රියාත්මක බවද අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැසට් එකට ඉස්සෙල්ලම හාල් මුදලාලි යාලුවට කෝල් එකක් දාපු ගමන් මිල අඩු වුණා කියලත් කිව්වා නම් තමයි හොඳ. පත්තරෙත් පින්තූරයක් දාලා තිබුණා.
කලින් ආණ්ඩුවේ ගානට ඉහළින් තියලද? එදා විවේචන ඒත් ඒකම මෙයාලත් කළා..