IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සහරාන්ගේ තවත් පුහුණු කඳවුරක සැලසුමක් වාලච්චේනේ

(වසන්ත චන්ද්‍රපාල )
 
තවුහිත් ජමාත් නායක  සහරාන් පුහුණු කඳවුරක් පවත්වාගෙන යෑමට සැලසුම් කළැයි කියන මඩකලපුව වාලච්‍චේන පොලිස් බල ප්‍රදේශයේ රිදීතැන්න ඕමිනියාමඩු ප්‍රදේශයේ ස්ථානයක්  සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත් විය.
 
පසුගිය වසරේ මඩකලපුව වව්නතිව් ප්‍රදේශයේ පොලිස් නිළධාරින් දෙදෙනා ඝාතනය කළ පුද්ගලයෙකු ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව ප්‍රශ්න කිරීමේදි මෙම ස්ථානය පිළිබඳව අනාවරණය කරගෙන තිබේ.
 
පසුව වාලච්චේන පොලීසිය මගින් මෙම ඉඩමේ අයිතිකරු වන කාසිම් යන පුද්ගලයා  අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කර තිබේ. එහිදී  මෙම ඉඩමේ පී.වී.සී නල දෙකක් තුල තිබු ජෙලනයිට් කුරු 236 ක් සහ ඇසිඩ් පුරවන ලද බුලියක් සොයා ගැනිමට හැකිව තිබේ.
 
මහවැලියට අයත් මෙම ඉඩම අක්කර 25 ක් වන අතර බදු පදනම මත මෙම ඉඩම ලබාගෙන තිබේ. එම භූමියේ ඉදිරියේදි භුගත බංකර් හැදීමේ සැලසුමක් තිබුන  බව අත් අඩංගුවට ගත් සැකකරුවන් ආරක්ෂක අංශවලට පවසා තිබේ.
 
ආරක්ෂක අංශ මහත් වෙහෙසක් දරා බැකෝ යන්ත්‍රයක් යොදා එම භුමිය ස්ථාන කිහිපයක් හාරා මෙම ජෙලනයිට් කූරු සොයාගෙන ඇත.
 
මහජනතාව නැති හුදකලා ප්‍රදේශයක මෙම ස්ථානය ඇති අතර එහි ගොඩනැගිල්ලක්ද ඉදිකර තිබේ. තවත් සංවර්ධන කටයුතු කිරීම සඳහා ගල්වැලි මෙන්ම කම්බ් කණුද එම ස්ථානයට ගෙනවිත් දමා ඇති ආකාරය  දැක ගැනීමට හැකිවිය.

 



අදහස් (2)

සහරාන්ගේ තවත් පුහුණු කඳවුරක සැලසුමක් වාලච්චේනේ

ගල්කටස් Monday, 06 May 2019 12:55 PM

මෙම ඉඩම සංවර්ධනය කිරීමට දීපු අය අත් අඩංගුවට අරන් ප්‍රශ්න කරන්න එතකොට එලිවේවි කව්‍ද තිරය පිටුපස ඉන්නෙ කියා...

:       2       317

anura Monday, 06 May 2019 03:29 PM

දැන් සමහර විට ප්‍රමාද වැඩි වෙන්නත් පුළුවන්. මහ බැංකු හොරා පැන්නා වගේ වග කිවයුත්තා තව ආරක්ෂකයන් දෙන්නෙක් එක්ක රටින් පිටවෙලා.

:       1       147

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 162 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 785 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site