(හර්ෂණ තුෂාර සිල්වා)
ජාතික අයවැය සැකසීමේදී කාන්තාවන් , ගැහැණු දරුවන්ගේ සහ විශේෂ අවශ්‍යතා සහිත කණ්ඩයම්වල අවශ්‍යතා සැලකිල්ලට ගැනීම තහවුරු කිරීම සඳහා කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාපීය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් දර්ශනා සේනානායක මහත්මිය අද (7) ප්‍රකාශ කළාය.
විශේෂ අවශ්‍යතා සහිත කාන්තාවන් සහ ගැහැණු දරුවන්ගේ අවශ්‍යතා සැපිරෙන පරිදි අයවැය සැකසීම සහ ඊට අදාළ යෝජනා අයවැයවලට ඇතුළත් වීම තහවුරු කිරීම සඳහා ‘එක්සත් ජාතීන්ගේ කාන්තාවෝ’ සහ සිවිල් සමාජ කණ්ඩායම් සහ එක්ව ඉදිරියටත් කටයුතු කරන බව සේනානායක මහත්මිය පැවැසුවාය.
“විශේෂ අවශ්‍යතා සහිත කාන්තාවන් සහ ඔවුන්ට ආර්ථික අවස්ථාවලට ප්‍රවේශවීමට ඇති අවස්ථාව සහ ඉඩකඩ” යන මැයෙන් කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාපීය සංවර්ධන අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකය සහ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති කාර්යාලය එක්ව සකස් කරන ලද වාර්තාව එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් දර්ශනා සේනානායක මහත්මිය එම කරුණු සකස් කළාය.
කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී මෙම වාර්තාව එළිදක්වන ලදි.
ආර්ථික ඉලක්ක සහ සමාජ වගකීම් හා බැඳීම් අතර අඛණ්ඩ බව වර්ධනය කරගනිමින් කාන්තාවන් , ගැහැනු දරුවන්ගේ සහ විශේෂ අවශ්‍යතා සහිත
කණ්ඩයම්වල අවශ්‍යතා සපුරාලීම තහවුරු කිරීම උදෙසා පියවර ගන්නා බව ද ඇය කීවාය. ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති හියොන් ලී මහතා සහ එක්සත් ජාතීන්ගේ කාන්තාවෝ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත රමායා සල්ගාදු මෙනවිය ද මෙහිදි අදහස් දැක්වූහ.
ඡායාරූප චතුර එස්. කොඩිකාර




COMMENTS
විශේෂ අවශ්‍යතා ඇති කාන්තාවන්ට යමක් කිරීමේ ඇති අවශ්‍යතාවය පිළිගත හැකියි. නමුත් ගැහැණු දරුවෝ කියන එක ඔතනට දාපු එකෙන් වෙන්නේ අපේ ජාතියට අගෞරවයක්. අපි ගැහැණු දරුවන්ට අඩුවෙන් සලකන ජාතියක් නෙවෙයි මම දන්නා තරමින් දකුණු ආසියාවේම ආකල්පමය වශයෙන් සහ ආර්ථික වශයෙන් ගැහැණු දරුවන්ට සමානව සලකන එකම ජාතිය අපි. උදාහරණයක් හැටියට රාජ්‍ය සේවයේ වැඩි හරියක් ඉන්නේ කාන්තාවෝ, පහේ ශිෂත්වයේ ඉදලා උසස්පෙළ දක්වාම ඉහලම සුදුසුකම් ලබන දරුවන්ගේ 4/5 - 3/5 ත් අතර ඉන්නේ අපේ දැරියෝ මට තේරෙන විදිහට අපේ පිරිමි දරුවෝ දැරියන්ගේ මට්ටමට ගේන වැඩ පිළිවෙලක් අවශ්‍යයි. එහෙම නැති උනොත් අපිට බරපතල සමාජ ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද කාන්තාවකට ඊලග පරපුර බිහිකිරීමේ ඇති ජීව විද්‍යාත්මක වගකීම නිසා ඇයගෙන් පිරිමියකුගෙන් ආර්ථිකයට ලැබෙන සහයෝගය අපිට ලබාගන්න බැහැ.
ඇයි මේ උත්සව තරැපහේ හොටල්වල පවත්වන්නෙ අමත්‍යංශයේ ඉඩකඩ නැද්ද ? කුලි ගෙවමින් අමත්‍යංශයේ වලට බිල්ඩින් ගන්නවා උත්සව හොටල් වල ගන්නවා .... එහෙම කරලා සහන දෙන්න කතා කරනවා මෙතනම මොනතරම් මුදල් නාස්තියක්ද?
මේවා ඔක්කොම සුදුඅලි... මේ පාදඩ දේශපාලන පක්ෂ 2 ම තත්වය ඕක තමයි මහජන ධනය කාබාසිනියා කරන එක විතරයි... ඔතන ගැහැණු හිටියත්, පිරිමි හිටියත් වෙනසක් නැහැ.
මම රට යන්න ඕනේ... මම දැනට කරන්නේ ඇලුමිනියම්... මට ඕනෙ ඒකෙන් රටයන්න...