.(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
රටේ පවතින නිරෝධායන නීතියට අනුකූලව දිවයින පුරා සාමකාමී උද්ඝෝෂණ පවත්වන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට එරෙහි සමගි ජනබලවේගය අද (09) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් ගොනු කළේය.
සමගි ජනබලවේගය වෙනුවෙන් එහි මහලේකම් රංජන් මද්දුම බණ්ඩාර මහතා ගොනු කළ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් , පොලිස්පති , සෞඛ්‍ය ඇමතිනිය ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගපදේශන වලට අනුව හා නිරෝධායන නීතියට අනුකූලව පවත්න සමාකාමී උද්ඝෝෂණ වලට සහභාගීවන්නන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය දිගින් දිගටම කටයුතු කිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සදහන් කරමින් මෙම පෙත්සම ගොනු කර ඇත.
පෙත්සම ගොනු කිරීමේ අවස්ථාවට සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර , පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානයක මහතා ඇතුළු පිරිසකද ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණියහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
සාමකාමී උද්ඝෝෂණ පවත්වන්නන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව සජබෙන් පෙත්සමක්
SUNIL MILANO Friday, 09 July 2021 01:07 PM
යහපාලනේට දැන් අමතකයි උද්ඝෝෂණය කරපු, අන්තරේටයි, අනික් අයටයි.., දෙකේ දෙකේ පොලුවලින් සලකපු හැටි. කෙල්ලන්ගේ ඔලු පලාපු හැටි.. මේ දෙගොල්ලන්ටම ‘‘ලැජ්ජාවක් ගෑවිලාවත් නෑ‘‘ බොරුවෙන්ම මිනිස්සු රටට්ටනවා...
VithanaFriday, 09 July 2021 02:50 PM
බොරු කියන්න එපා... යහපාලන කාලේ කිසිම උද්ඝෝෂකයෙකුට පහර නොදෙන්නැයි පොලිසියට නියෝග දීලයි තිබුනේ...
බමුණු.Friday, 09 July 2021 04:07 PM
යහපාලනේ හොඳනැති නිසානේ පොහොට්ටු ආණ්ඩුව පත්කරගත්තේ. දැන් පෙර ඒවා වැඩක් නැහැ. කිව්ව විදිහට වැඩ නොකෙරෙන නිසා තමයි අද ප්‍රශ්න ඇතිවී තියෙන්නේ... !!!
SUNIL MILANO Friday, 09 July 2021 03:37 PM
විතාන, ගිය අවුරුද්දේ වෙන්න ඇති ඉපදුණේ... කමෙන්ට් දාන්න ඉස්සරවෙලා කාගෙන් හරි දන්න කෙනෙකුගෙන් අහලා බලන්න. යහපාලනයට කඩේ යන්නේ නැතිව.. සමහර විට මෙයාලාට වැරැදිලා. වත්මන් ආණ්ඩුවයි ඒ නියෝගය දීලා තියෙන්නේ...