(රංජන් කස්තුරි)
නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනකු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව අභියාචනාධිකරණ විනිසුරුවන් වන ගාමිණී අමරසේකර සහ එස්.තුරෙයිරාජා යන මහත්වරුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (25) රැස්වී තීරණය කර ඇත.
මීට අමතරව මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්කිරීමටද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබාදී තිබේ.
නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පත්කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නාමයන් හතරක් ඉදිරිපත් කර තිබේ.
COMMENTS
අභියාචනාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා සහ කුමුදිනී වික්‍රමසිංහ ශ්‍රේෂ්ඨාධිකරණයටත් ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව, අනුර රණසිංහ, ප්‍රියන්ත ප්‍රනාන්දු අභියාචනාධිකරණයටත් නම් කර එවා තිබුණාලු. මේ නම් සලකා බැලූ ව්‍යවස්ථා සභාව ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු දෙක සඳහා එස්. තුරෙයිරාජා සහ ගාමිණී අමරසේකර විනිසුරුවරුන් ගේ නම් දෙක අනුමත කළ අතර ඉන් ඇතිවන අභියාචනාධිකරණයේ පුරප්පාඩු දෙක සඳහා ප්‍රියන්ත ප්‍රනාන්දුගේ නම පමණක් අනුමත කර ඉතිරි එක සඳහා වෙනත් නම් එවන ලෙස දන්වා යැව්වාලු. තුරෙයිරාජා ජ්‍යෙෂ්ඨත්වයෙන් 8 වැනි ස්ථානයේ සිටින අයෙකු වන අතර කුමුදිනී ජ්‍යෙෂ්ඨත්වයෙන් 4 වැනි ස්ථානයේ සිටින්නියකි. කෙසේවෙතත් වෙනත් දෝෂ නොමැති නිසා ඔවුන් ව්‍යවස්ථා සභාව විසින් අනුමත කර තිබේලු. නමුත් ඒ නම් දෙකද අගවිනිසුරු ඇතුළු අධිකරණ කොමිසම විසින් නිර්දේශ කර නොතිබීම සැලකිය යුත්තක්ලු. මේ අතර අභියාචනාධිකරණයේ සභාපති කීර්තිමත් විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන වැනි කිසිවෙකුට බිය නැති කොන්ද කෙලින් තියාගෙන නඩු තීන්දු දෙන විනිසුරුවරයෙකුගේ නම ශ්‍රේෂාඨාධිකරණය සඳහා නම් නොකෙළේ මන්ද යන්නද ප්‍රශ්නයක්ලු...