IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වෙල්ගමගේ ප්‍රතිශෝධන ඇයැදුමේ නියෝගය සැප්තැම්බරයේ

(මනෝප‍්‍රිය ගුණසේකර)

ලංකා ගමනාගමන මණ්ඩලයේ නොමැතිව තිබු නියෝජ්‍ය සභාපති තනතුරක් කුමාර වෙල්ගම මහතා ප‍්‍රවාහන ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේ නිර්මාණය කර රජයට රුපියල් ලක්‍ෂ 33 ක පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් පැවරූ නඩුවෙන් තමා නිදහස් කරන්නැයි ඉල්ලමින් පවරා ඇති ප‍්‍රතිශෝධන ඇයැදුමේ නියෝගය ලබන සැප්තැම්බර් 12 වැනිදා ප‍්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (26) නියම කළේය.

ප‍්‍රතිශෝධන ඇයැදුම් පත‍්‍රය සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශවයේ ලිඛිත දේශන ලබන සැප්තැම්බර් මස 5 වැනිදාත් ඒ සම්බන්ධයෙන් වගඋත්තරකාර පාර්ශවයේ ලිඛිත දේශන ලබන සැප්තැම්බර් 10 වැනිදාත් ඉදිරිපත් කරන ලෙස පෙත්සමේ පාර්ශවකරුවන්ට විනිසුරුවරයා නියම කළේය.

කුමාර වෙල්ගම මහතා ප‍්‍රවහන ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේදී ලංකා ගමනාගමන මණ්ඩලයේ නොමැතිව තිබු නියෝජ්‍ය සභාපති තනතුරක් කුමාර වෙල්ගම මහතා ප‍්‍රවහන ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේ නිර්මාණය කර නියෝජ්‍ය සභාපති තනතුරට පත්වූ අයට වැටුප් හා දීමනා ගෙවීමෙන් රජයට රුපියල් ලක්‍ෂ 33 ක පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් කුමාර වෙල්ගම මහතාට එරෙහිව කොළඹ මහෙස්ත‍්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබිණි.

එම නඩුව සම්බන්ධයෙන් මුලික විරෝධතාවයක් ඉදිරිපත් කරමින් එම චෝදනාවන්ගෙන් තමන් නිදහස් කරන්නැයි ඉල්ලා සිටි අතර මහෙස්ත‍්‍රාත්වරයා එම මුලික විරෝධතාවය ප්‍රතික්ෂේප කරමින් නඩුව විභාග කිරීමට තීරණය කළේය.

ඒ අනුව මහෙස්ත‍්‍රාත්වරයාගේ තීරණය ප‍්‍රතිශෝධනය කර තමන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවය පිළිගෙන තමන් නිදහස් කරන්නැයි ඉල්ලමින් මෙම ප‍්‍රතිශෝධන ඇයැදුම්පත ඉදිරිපත් කර තිබිණි.

එම ප‍්‍රතිශෝධන ඇයැදුම් පත විභාග කළ විනිසුරුවරයා අදාළ නියෝගයන් නිකුත් කළ අතර මෙම පෙත්සම ලබන සැප්තැම්බර් මස 12 වැනිදා යළි කැඳවීමට නියම කළේය.



අදහස් (3)

වෙල්ගමගේ ප්‍රතිශෝධන ඇයැදුමේ නියෝගය සැප්තැම්බරයේ

ගල්කටස් Monday, 26 August 2019 10:06 AM

ඕකෙන් දැන් ඉතිං එයා නිදහස්... හේතුව දන්නවනෙ...

:       100       218

සෙනෙවි Monday, 26 August 2019 01:45 PM

ඒක තමයි මොහු ආණ්ඩුවට කඩේ යන්නේ...

:       1       209

samTuesday, 27 August 2019 05:44 AM

බලලා මල්ලෙන් එලියට පනියි.

:       0       106

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site