(අජන්ත කුමාර අගලකඩ)
වරාය සේවා ගාස්තු 15% කින් වැඩි කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට අද (07) ඉදිරිපත් වූ යෝජනාවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විරෝධය පළකර ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
වරාය සේවා ගාස්තු 15% කින් වැඩි කිරීමේ යෝජනාව වරාය හා දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා විසින් අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ බව වාර්තා විය.
එහෙත් මේ අවස්ථාවේ එවැනි වැඩි කිරීමක් කළ නොහැකි බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව යෝජනාව අනුමත කිරීම සභාව කල්දැමුව බවද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යෝජනාව අනුමත කිරීම කල්දැමුව පමණයි. අනිත් සැරේ අනුමතයි. රාජ්‍ය නායකයාගේ නිවට කම පෙනෙනවා නේද?