IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


වනජීවී භාරය වසා දැමීමට කැබිනට් අනුමැතිය

(ඩයනා උදයංගනී)
 
සංචාරක සංවර්ධන, වනජීවී හා ක‍්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති ‘ශ‍්‍රී ලංකාවේ වනජීවී භාරය’ වසා දැමීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
 
පරිසර සංරක්ෂණය හා වනජීවී සංරක්ෂණයට අදාළව වනජීවී සංරක්ෂණ භාරය මගින් දැනට කිසිඳු කටයුත්තක් නොකෙරෙන බැවින් එය වසා දැමීමට තීරණය කර ඇත.
 
එම ආයතනය වසා දැමීමෙන් අනතුරුව එහි සතු වත්කම් හා වගකීම් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවැරීමට කැබිනට් මණ්ඩලය අවසර දී තිබේ.
 
එහි කාර්ය මණ්ඩලය අතරින් සේවයෙන් ඉවත්වීමට කැමැත්ත ප‍්‍රකාශ කර ඇති අයට වන්දි හා පරිතෝෂික මුදල් ගෙවීමටත්, වන්දි ලබා සෙවයෙන් ඉවත්වීමට කැමැත්ත ප‍්‍රකාශ කර නොමැති කාර්ය මණ්ඩල සාමජිකයන් ඔවුනට පෞද්ගලික වන සේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනියුක්ත කිරීමටත් නියමිතය.
 
ඊට අමතරව වනජීවී භාරය සතු රන්දෙණිගල පුහුණු මධ්‍යස්ථානය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස තවදුරටත් පවත්වාගෙන යෑමටත් කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
 
සංචාරක සංවර්ධන, වනජීවී හා ක‍්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඉදිරිපත් කළ කැබිනට් පත‍්‍රිකාවකට මෙලෙස අනුමැතිය හිමිව ඇත.



අදහස් (2)

වනජීවී භාරය වසා දැමීමට කැබිනට් අනුමැතිය

sisira Wednesday, 16 October 2019 08:13 AM

වනජීවී එක වහල ඇමතිතුමාට කාන්තා භාරය දුන්නනම් හොඳයි කියල හිතෙනවා.

:       10       107

රවින් Wednesday, 16 October 2019 08:40 AM

ගිය සුමානෙත් එකක් වැහැව්වා නේද? සැලොන් දොරවගේ. හිතුමනාපෙට ආයතන අරිනවා. හිටපු ගමන් වහනවා. ආයතනයක් අරින්න, පවත්වාගෙන යන්න හෝ වහන්න ඉස්සෙල්ලා ඒ පිලිබඳ අධ්‍යනයක් කරන්නෙම නැද්ද කොහෙද? මෙතැනදී තමා නිසි අධ්‍යාපනය බලපාන්නේ. උගතුන් වැඩ කරන විදිය හා නුගතුන් වැඩ කරන විදිය. හැමදේම පිළිවෙලක් නැතිව කරාම වෙනදේ ? කිසි වගකීමක් නැහැ. අනාගතයේදීවත් අපට උගතුන්ගෙන් පිරි අමාත්‍ය මණ්ඩලයක් ලැබේවායි ප්‍රර්ථනා කරනවා හැරෙන්න වෙන කුමක් කරම්දෝ?

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 621 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 525 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site