IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


විදේශ සේවා නියුක්ති කාර්යංශය ශිෂ්‍යත්ව ලබාදීම අත්හිටුවයි

(විනීතා එම්. ගමගේ)
 
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් සංක්‍රමණික සේවකයන්ගේ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ ලබා දෙන ශිෂ්‍යත්ව මේ වසරේ අත්හිටුවා ඇතැයි එම කාර්යංශ ආරංචි මාර්ග පවසයි.
 
1996 වසරේ මහින්ද රාජපක්ෂ මහතා කම්කරු අමාත්‍යවරයා ලෙස ආරම්භ කරන ලද එම ශිෂ්‍යත්ම ලබා දීමේ වැඩසටහන නවත්වනු ලැබූ පළමු අවස්ථාව මෙය වේ.
 
පහ වසර සිසුවෙකුට රුපියල් 15,000 ද, සාමාන්‍ය පෙළ  සිසුවෙකුට රුපියල් 20,000 ක් ද උසස් පෙළ සිසුවෙකුට රුපියල් 30,000 ක් ද වශයෙන් මෙම ශිෂ්‍යත්ව පිරිනැමේ.  
 
මේ  වසරේ ශිෂ්‍යත්ව ලබා දීම සඳහා 2019 සාමාන්‍ය පෙළ සහ 2019 උසස් පෙළ දරුවන්ගෙන් මේ වනවිටත් අයදුම්පත් කැඳවා ඇතත් කොරෝනා තත්ත්වය හේතුවෙන් කාර්යංශය පාඩු ලබන බැවින් මෙම ශිෂ්‍යත්ව ලබාදීම නැවැත්වීමට කළමනාකරණය තීරණය කර ඇත.
 
මේ අතර කාර්යංශයෙන් වාර්ෂිකව ලබා දෙන පාසල් උපකරණ සඳහා ද ඉල්ලුම්පත් 2000 ක් පමණ ලැබී ඇතත් ඒවා ලබා දීම ද නවත්වා ඇතැයි පැවැසේ.  



අදහස් (7)

විදේශ සේවා නියුක්ති කාර්යංශය ශිෂ්‍යත්ව ලබාදීම අත්හිටුවයි

saman - Male Monday, 14 September 2020 11:57 AM

මෙම ආයතනය හැමදාම කළේ රට යන අපිට එයාර්පෝර්ට් එකේදී හිරිහැර කරන එක විතරයි. අපෙන් අය කළ සල්ලිවලින් ජොලි කරලා දැන් කියනවා සල්ලි නැහැ කියලා. හෙණ ගහනවා මේ ආයතනයේ බලධාරීන්ට අපේ අහිංසක සල්ලි විනාශ කළාට..

:       0       1477

සෑම් Monday, 14 September 2020 12:10 PM

සෞභාග්‍යයේ දැක්ම. ජයවේවා!

:       1       143

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Monday, 14 September 2020 12:35 PM

පිටරට ඉන්නා අපි නිසා සැපසේ සිටි නිලධාරින් ගුවන් තොටුපලේ අපව පරික්ෂා කලේ හොර වැඩක් කරලා රට යනවා වගේ... දැන් පාඩුනම් කෝවිඩ් -19 වසංගතයට පෙර රක්ෂණ වාරිකවලින් ලැබූ මුදල් ටික කොහේද?

:       0       733

DilruvanMonday, 14 September 2020 12:54 PM

ඇත්ත කතාව මොහොමඩ් රිස්වාන්...

:       0       94

Mr Don Monday, 14 September 2020 03:34 PM

ගොඩක් හොඳයි සර්..

:       54       4

samantha Monday, 14 September 2020 05:04 PM

ඉන්ෂුවරන්ස් කියකියා එයාර් පෝර්ට් එකේදී මරන් කන එකත් නවත්තන්න. ඔය ඉන්ෂුවරන්ස් එකෙන් වැඩක් වුණු කෙනෙක් බෙහෙතකටවත් හොයාගන්න නෑ...

:       0       1207

Kamal Koyrala Tuesday, 15 September 2020 05:42 AM

රටවිරුවන්ට දැන් සැපද.?

:       0       36

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site