(රංජන් කස්තුරි)
වෛද්‍ය පීඨයකට ඇතුළත්වීම සඳහා වන අවම සුදුසුකම් නොමැති එහෙත් ඊ.ආර්.පී.එම් විභාගය සමත් විදේශ වෛද්‍ය උපධිධාරීන් පිරිසකට ලියාපදිංචිය ලබා දෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සමාජිකයින් අතර මත ගැටුමක් නිර්මාණය වී තිබේ.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා,උප සභාපති මහචාර්ය නිලන්ති ද සිල්වා සහ තවත් සමාජිකයින් පිරිසක් එම සිසුන්ට ලියාපදිංචිය ලබාදිය යුතු බව ප්‍රකාශ කරන අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන්ද වන සමාජිකයින් හතර දෙනෙකු ඇතුළු පිරිසක් ඊට දැඩි විරෝධය පළ කරමින් සිටින බවද පැවැසේ.
සමාජිකයින් අතර මත ගැටුමක් තිබූ හෙයින් ඡන්ද විමසීමක් පැවැත්වීමටද සභාපතිවරයා පියවර ගත්තේය.
එහිදී විදේශ වෛද්‍ය උපාධිධාරීන් පිරිසට ලියාපදිංචිය ලබා නොදිය යුතු බවට ඡන්ද 10 ක්ද ලියාපදිංචිය ලබාදිය යුතු බවට ඡන්ද 7 ක්ද ලැබී තිබිණි.
කෙසේ වෙතත් එම විදේශ වෛද්‍ය උපාධිධාරීන්ගේ ගැටළුව මේ වනවිට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තුළ අර්බුදයක් බවට පත්ව තිබේ.
COMMENTS
පුද්ගලික විද්‍යා විද්‍යාලවලට ලංකාවේ ඉඩ නැත්නම් පිටරට වල ගිහිල්ලා (බංග්ලාදේශය, ඉන්දියාව) වෛද්‍ය උපාධිය අරන් ලංකාවේ වෛද්‍යවරයෙකු හැටියට පත්වීම් ලබන එක නීත්‍යානුකූලද, දන්නේ නැති හින්දයි අහන්නේ... ලංකාවේ පුද්ගලික විද්‍යා විද්‍යාල පිහිටුවන්න දෙන්නේ නැතිකම කියන්නේ කුහකකම...
පහුගිය දවස්වල සයිටම් ආයතනයට විරුද්ධව කටයුතු කල පිරිස අවසානයේ එම සිසුන්ව කොතලාවල ආයතනයට අනුයුක්ත කිරීමේදී, අවම සුදුසුකම ලෙස සාමාන්‍ය සාමාර්ථ තුන පිළිගත්තා නේද? ශ්‍රී ලංකා වෛද්‍ය අාඥා පනතට අදාලව වෛද්‍ය විද්‍යාව හැදෑරීමට අවම සුදුසුකම සාමාන්‍ය සමාර්ථ තුනයි. එසේ නම්, ලංකාවේ පවතින ඊ.ආර්.පී.එම් විභාගයත් සමත් වූ වෛද්‍ය උපාධිධාරීන්ට ලියාපදිංචිය නොදීමේ පදනම කුමක්ද?
ජී.එම්.ඕ.ඒ. මහත්වරුනි, ඔච්චර කුහකවෙන්න එපා. ඒ අයට ඡන්දෙ එකක් දෙන්න.
මෙතනට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සම්බන්ධ කරගන්න හොඳ නැහැ. නමුත් වෛද්‍ය සභාවේ ව්‍යවස්ථාව අනුව ඔය සංගමය නියෝජනය කරන්න වෙනවා. වෛද්‍ය සංගමය කවදත් ඔවුන්ගේ පුද්ගලික වාසියට තමයි කටයුතු කරන්නේ. සිංගප්පූරු ගිවිසුමට එරෙහිව වැඩ වර්ජන කරන බව තර්ජන කළ ඔවුන්, දින 50 හොර ආණ්ඩු කාලේ බන්දුල කිව්වා එම ගිවිසුම අහෝසි නොකළ සංශෝධන කරන බව කිව්ව මොහාතේ.. මෙම වෛද්‍ය සංගමය නිහඬව හිටියා. ඔතන ඔප්පුවුණා ඔවුන්ගේ දෙබිඩි මතය...
ඒ ළමයි පිටරට ගිහින් ඉගෙනගන්න වියදම් කරලා තියෙන්නේ ලංකාවේ ජාතික ධනයෙන් කොටසක්. මේ වදෙන් වෙන්නේ ඒ වියදමේ ප්‍රතිඵලය ලංකාවට අහිමි කිරීමක්... මේක විද්‍යා සේවයේ විතරක් නොවෙයි, ඉංජිනේරු වැනි වෙනත් මාෆියාවලත් දැකිය හැකි දෙයක්... සමහරවිට ඔවුන් ඉගෙනගත් රටවල විශ්ව විද්‍යාල ලංකාවේ විශ්වවිද්‍යාල වලට වඩා ඉහළින් ජාත්‍යන්තරව ශ්‍රේණිගත කර ඇති ආයතන... තවත් සමහරක් රටවල " ඇමෙරිකාවේ වැනි" 12 වෙනි ශ්‍රේණියේ විෂයයන් උගන්වන්නේ විශ්ව විද්‍යාලය තුලදී, ඒ නිසා ඔවුන්ගේ රටවල්වල උපාධිය වසර තුනක් නොවෙයි හතරක් වෙනවා. ඒ වගේම විද්‍යා උපාධිය සඳහා මූලික උපාධියක් අවසන් කල යුතුවෙනවා. එවැනි අවස්ථාවල අපොස උසස් පෙළ 11 වසර දක්වා ඉගෙන "PREE MED " උපාධියක් නිමවා නැවත විද්‍යා උපාධියකුත් අවසන් කොට ලංකාවට එන කෙනෙකුට මේ වෘකයන් කියන්නේ මෝඩ රැලක් කියාද? ඇමෙරිකාවේ සමහර විශ්ව විද්‍යාල අපේ අපොස උසස්පෙළ විෂයයන් විශ්ව විද්‍යාල විෂයන් හා සමාන ලෙස සලකා එම විෂයන් මගහැර යාමට අවස්ථාව ලබාදී තිබෙනවා. කලයුත්තේ පාසලේ උගත් දේ සලකා ලියාපදිංචිය දීම නොව විශ්ව විද්‍යාලයේ උගත් දේ සලකා ලියාපදිංචිය දීමයි. අවශ්‍ය නම් සමහර විශ්ව විද්‍යාල අත්හැර දැමිය යුතුයි.
නැති ගැටුමක් තියෙනවා වගේ පෙන්නන්න හදන මේවා තමා හිනා යන පුවත් කියන්නේ... ඡන්දයක් තියන්නේ බහුතර මතය මොකද්ද කියලා දැනගන්නනේ... ඒකෙන් කොහොමද අරබුදයක් ඇති වෙනවා කියලා කියන්නේ... මේ වගේ පුවත් හදන කට්ටියට නම් හොඳම විහිළු කාරයට ලැබෙන සම්මානය දෙන්න ඕනේ...
ආණ්ඩුවට ඕන වුනත් නැතත්, මේකේ අකුරු කොටන අයට ඕන වුනත් නැතත්, GMOA කාරයන්ට ඕන වුනත් නැතත් අඩුගානේ සාමාන්‍ය සාමාර්ථ 3වත් ගන්න බැරිනම් ඒ අයට රෝගීන්ට බෙහෙත් කරන්න දෙන්න ඕනෑද? තම තමන්ගේ බුද්ධියට අනුව සිතා බලන්න...
දොස්තරල ගොඩක ළමයි ඉගෙන ගන්නෙ පිටරට මෙඩිකල් කොලෙජ් වල. බලමුකො නාටිටියෙ ජවනිකා තව ඉස්සරහට. දැන් තමයි තිරේ ඇරැනෙ
පිටරටක වෛද්‍ය විද්‍යාව හදාරා ඔහු හෝ ඇය ආපසු ලංකාවට එනවා කියන්නේ ඔවුන් වෛද්‍ය වෘත්තියට තබා රෝහලේ කානුවක් වත් පවිත්‍ර කිරීමට හෝ නුසුදුස්සන්. ඒ නිසා මම නම් කියන්නේ ලෝකයේ මනුෂයින් ජීවත් වෙන රටවල් ඕනා තරම් තියනවා. ඒ රටකට ගිහින් මනුෂ්‍යයින් වගේ ජීවත් වෙන්න උත්සහ කරපල්ලා, ඔය වගේ තිරිසන්නු සමග එකම ක්ෂේත්‍රෙය් වැඩ කරන්න ලජ්ජා නැද්ද? ලංකාව මාෆියා කාරයින්ටයි, කුඩු කාරයින්ටයි, ත්‍රී වීලර් කාරයින්ටයි බාරදීලා. අනික, ලංකාවේ ජීවත් වෙන්නම ඕනා නම් අතින් මුදල් ගෙවලා ඉගෙන ගන්න, උඹලට, පිස්සුද බන්?
කුහකකම් නැතිව ඕනෑම කෙනෙකුට ඕනෑම විෂය ධාරිවකින් හැකිනම් උපාධිය ගන්න අවශ්‍යතාව ලබා දිය යුතුයි..වෛද්‍ය විද්‍යාව ඔවුන් සමත්නම් මූලික සුදුකම් මොනවද..ලබාගත් වත්මන් දැනුම තමයි වටින්නේ..කුහකම වැඩි වුනාම මේ වගේ ගතිගුණ මතු වෙනවා..වෛද්‍ය සංගමයේ ඉන්නේ කුහකයෝ
වෛද්‍ය ක්ෂේත්‍රයේ පමණක් නොවේ, ලංකාවේ සියලුම ක්ෂේත්‍රවල සේවය කරන රාජ්‍ය නිලධාරීන්ගේ ගුණාත්මක භාවය පිළිබද නිවැරදි තක්සේරුවක් කළා නම් මේ රටේ ඕනෑම මෝඩයෙකුට වැටහෙයි ඔවුන්ට ලංකාවේ විශ්ව විද්‍යාල තුලින් ලබා දී තිබෙන අධ්‍යාපනයේ ගුණාත්මක භාවය. කියන්න කනගාටුයි, රටට, ජාතියට තබා ඔවුන්ටවත්, පලක් නොවන, අමනුස්ස ගණයේ උගතුන් මෙන්ම රාජ්‍ය සේවකයින් බිහිකළ තැනක් තමයි අපගේ විශ්ව විද්‍යාල.
උසස්පෙළ සමත් නොවූනට වෙනත් අධ්‍යනය කිරීම් මගින් සුදුසුකම් හදා ගන්න පුළුවන්. බැලිය යුත්තේ වෛද්‍යවරයකුට අවශ්‍ය සුදුසුකම් සපුරා තිබේද කියලා.
සාමාන්‍ය සාමාර්ථ 3 අනුව ජීවිතය හෝ මරණය තීන්දු වෙන්නේ නැහැ. පිටරට උපාධි තියෙන අයට වෙනම පරීක්ෂණයක් තියල ඒක පාස් උනොත් සේවයට ගන්න. වෙන රටවල කරන්නේ එහෙමයි. මෙතන තිබෙන්නේ පැහැදිලිවම කුහක කමක්. හැමදාමත් තිබුණ වගේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අය කැමති නැහැ අනෙක් අය තමන්ට වඩා හොඳට වැඩ කරනවට.
ඒ කියන්නේ ලංකාවේ උපාදියට වඩා ගුණාත්මක උපාධි මේ ලෝකේ වෙන කොහෙවත් නැද්ද ?
මේ රටේ විශ්ව විද්‍යාලයකට යාමට නොහැකි වූ, නමුත් පිටරට විශ්ව විද්‍යාලයකින් වෛද්‍ය උපාධිය ලබාගෙන මෙරට දැනට සේවය කරන වෛද්‍යවරු කී දෙනෙක් නම් ඉන්නවද? විශේෂඥ වෛද්‍යවරුත් ඉන්නවා. පිටරට විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීම සඳහා ලංකාවෙ උසස්පෙල අවශ්‍ය නැහැ. සාමාන්‍ය පෙල සමත් වීම ඇති. උසස්පෙල වෙනුවට පදනම් පාඨමාලාවක් හදාරල සුදුසුකම් හදාගන්න පුලුවන්.
එස් තුනක් වත් නැතුව? යන්න ඉස්සෙල්ල බලන්න ඕන නැද්ද ලංකාවේ වැඩ කරන්න පුලුවන්ද බැරිද කියල?
සුවපතිතුමාගේ කාලයේ සෞඛ්‍ය සේවය දුෂිතම තැනක් කලා,
JVP - GMOA එකතුවෙලා වෛද්‍ය සභාව නැති කරලා තියෙන්නේ.
ලියාපදිංචිය නොදිය යුතුය
මේ ලමයින්ට මම කියන්නෙ හැමෝම ඕස්ට්‍රලියාවේ .ඒ එම්.සී විභාගය කරන්න. අපරාදෙ වෙලාව නාස්ති කලේ ලංකාවේ මල ඉලව් ඊ එම ආර් පී කරන්න. ලංකාවෙ පංති හා කණ්ඩායම් තියෙනවා පුහුණු වෙන. කොටස් දෙකම සමත්නම් අයිඑල්ටීඊඑස් 7.0 ගන්න ඇකඩමික් වර්ෂන් හැම සබ්සෙට් එකටම. සීමාවාසික පත්වීම් එවිට ගතහැක. ඒ ලෙවල් අදාල නැත. අවශ්‍ය පිලිගත් විශ්ව විද්‍යාලයක වෛද්‍ය උපාධියක් විතරයි. මෙහෙ වෛද්‍ය විද්‍යාලයට යන්න අනිවාර්ය රසායන විද්‍යාව සාමාන්‍ය ඉංග්‍රීසි සාමාන්‍ය ගණිතය පමණි. ඒ සමග සංගීතය චිත්‍ර කරලත් යන්න පුළුවන්. නමුත්හොද ලකුණු ගන්න ඕන. මුන්ට පිස්සු. මම මුලින් කියූ ඒඑමසී විහාග දෙක තරමක් ගනන්. ඕස්ට්‍රලියන් ඩොලර් 8000 විතර මතක හැටියට. මේවා අමාරැයි. නාකි මමත් පාස් වුනානමි ඔබ තරැණ නිසා කරන්න පුලුවන්. මම පිටරට ඉගෙනගෙන ලංකාවෙ සේවය කොට දැන් ඔස්ට්‍රේලියාවේ ඉන්න වෛද්‍යවරයෙක්. ජීඑම්ඕ කුහකයන්ට බම්බු ගහගන්න කියන්න.