IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


විගමණික ශ්‍රමිකයන්ගේ දරුවන් 278 දෙනකුට ශිෂ්‍යත්ව ප්‍රදානයක්

සබරගමුව පළාතේ  විගමණික ශ්‍රමිකයින්ගේ දූදරුවන් 278 දෙනෙකු සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින්  අධ්‍යාපනික  ශිෂ්‍යත්ව ප්‍රදානයක් සිදු කළේය.
 
 
කාර්යාංශයේ මගින් වාර්ෂිකව  මෙලෙස  ශිෂ්‍යත්ව පිරිනැමීම සිදුකරන අතර, කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවල නිරතවී සිටින දෙමාපියන්ගේ දූ දරුවන් සඳහා මෙම ශිෂ්‍යත්ව පිරිනැමේ.
 
 කෑගල්ල හා රත්නපුර යන දිස්ත්‍රික්ක වල දරුවන් 278 දෙනෙකු  මෙහිදී ශිෂ්‍යත්ව ලබා ගැනීමට  සුදුසුකම් ලැබු අතර , පිරිනමන ලද ශිෂ්‍යත්ව වටිනාකම රුපියල් හැට අට ලක්ෂ අනූ දහසකි. 
 
2017 වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය සමත් දරුවන් 70 දෙනෙකුද, 2016 වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් සිසුන් 179 දෙනෙකු හා 2016 වසරේ විශ්ව  විද්‍යාල  සමත් සිසුන් 29 දෙනෙකු සඳහා  ශිෂ්‍යත්ව  පිරිනැමීම  මෙලෙස  සිදු කෙරිණි.
 
පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවෙකු සදහා රු.20,000.00 බැගින්ද,  අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් දරුවෙකු සදහා රු.25,000.00 බැගින් හා විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ දරුවෙකු සදහා රු.35,000.00 බැගින්ද මුල්‍යමය ශිෂ්‍යත්ව  ලබා දුන් අතර  , 2018 වර්ෂයේදී විගමණික දෙමාපියන්ගේ දරුවන් 3203 දෙනෙකු සඳහා රු.80,130,000.00 මුදලක් ශිෂ්‍යත්ව වශයෙන් පිරිනැමීමට ද නියමිතය.
 
 මෙහි දෙවැනි අධියර  දෙසැම්බර් 6 වැනිදා යාපනයේදී පැවැත්වීමට නියමිත බව  කාර්යාංශය සඳහන් කරයි .

(36698)



අදහස් (0)

විගමණික ශ්‍රමිකයන්ගේ දරුවන් 278 දෙනකුට ශිෂ්‍යත්ව ප්‍රදානයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 114 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site