රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර තාවකාලිකව වසා දමා ඇති බව පොලිසිය පවසයි.
මේ හේතුවෙන් ඒ අවට දැඩි වාහන තදබදයක් හටගෙන තිබේ.
රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර තාවකාලිකව වසා දමා ඇති බව පොලිසිය පවසයි.
මේ හේතුවෙන් ඒ අවට දැඩි වාහන තදබදයක් හටගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපාධිධාරීන් කියන්නේ රැකියා උත්පාදනය කරන්න ඕනේ අයවලුන්. මොවුන් රටේ සල්ලිවලින් ඉගෙනගෙන තව රස්සා ඉල්ලගෙන පෙළපාලිත් යනවා. උපාධි නැති අයවලුන් මොනවා හෝ රැකියා කරලා ජීවත් වෙනවා. උද්ඝෝෂණ මොකුත් නැහැ. එ්ත් මොවුන් ජීවත් කරන්නෙත් ඒ අය... රට පවත්වාගෙන යන්නේ මොවුන් නොවෙයි. ගහලා පන්නලා දමන්න.
ඕනෑතරම් පුද්ගලික අංශයේ රැකියා තිබෙනවා. වෙනත් රටවල සිසුන් අර්ධකාලීන කම්කරු රැකියා කරමින් අතින් මුදල් ගෙවා උසස් අධ්‍යාපනය හදාරන්නේ.. අපේ උදවියට තාවකාලික සුළු රැකියාවක් කරමින් රැකියා අත්දැකීම් සහ වෘත්තීය කුසලතා දියුණුකර ගැනීම තත්වයට මදිකමක්... තමන්ගේ වටිනා තරුණ කාලය රටේ ශ්‍රම බලකායෙන් ඉවත්කොට යැපෙන්නෙකු බවට පත්කර ගැනීම ආඩම්බරයට කාරණාවක් නෙවෙයි. දෙමව්පියන්ට පැනඩෝල් පෙත්තක් අරන් දෙන්න, මහ ඒජන්ත වෙන්න ඕනෑ නැහැ. පාසල් යන මල්ලිට පොත්පත් අරන් දෙන්නේ, අක්කාට කසාද බැඳ යනවිට වළලු ජෝඩුවක් හදවා දෙන්නේ උසස් පෙළ සමත් වෙලා සුළු රැකියාවකට හෝ ගිය තරුණ බහුතරයක් මිසක් උපාධිය හෑල්ලු කර පාරේ පිස්සු නටන මේ කොට්ටාශය නෙවෙයි.
මොවුන් උපාධි අරගෙන රජයේ රස්සාවල් වලට ගිහිල්ලා නිකන් පුටු රත් කරකර ඉන්නයි ඕනෙවෙලා තියෙන්නේ. පාරවල් ගාණේ උද්ඝෝෂණ කරලා අනිත් මිනිස්සුන්ගේ කාලය කා දමන්නේ නැතිව කුමක් හෝ රස්සාවක් කළොත් නරකද?
මගේ දුරින් ඥාතිවෙන උපාධිදාරී තරුණියකට රැකියාවක් සොයා දෙන්න කිව්වාම ප්‍රසිද්ධ සුපිරි වෙළඳ සලක අයකැමි තනතුරක් සොයාදුන්නා. කළමනාකරු අපේ හිතවතෙක් නිසාත්, තරුණියට ඉතා ඉක්මණින් රැකියාවක් අවශ්‍ය වූ නිසාත් ඒ අවස්ථාව ලබා දුන්නා. ඒ තරුණිය ගත් කටටම කිව්වේ අපොයි සුපර් මාකට් එකේ සල්ලි ගනින්න බැහැ කියලා. ඇයට අවශ්‍ය, බැංකුවක කළමනාකරණ පුහුණු තනතුරක්ලු. හේතුව උසස් පෙළ සමත් ඇගේ අසවල්වාසි තරුණියක් ඒ වනවිට පුද්ගලික බැංකුවක රැකියාවක් ලබා ගැනීම. ඒ පිළිබඳ නොයෙකුත් තර්කත් ඉදිරිපත් කළා. නමුත් මේ තරුණිය තේරුම් නොගත් කාරණාව වන්නේ අද කාලයේ රැකියා වෙළඳපළට සරිලන වෘත්තිය කුසලතා නැතිව ඉස්සරහ දොරෙන් තබා පස්ස දොරෙන්වත් රැකියාවක් ලබා ගැනීම අපහසු බව...