(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ලක්සල ආයතනයේ දේශීය භාණ්ඩ විදේශයන්ට විකිණීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවැසීය.
මේ සම්බන්ධයෙන් රටවල් කිහිපයක් සමග ගිවිසුම් අත්සන් කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
ජයසේකර මහතා මෙසේ පැවසූවේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
කොරෝනා සමයේදී සංචාරක ව්‍යාපාරය අඩපණ වීම නිසා ලක්සල ආයතනය
කඩාවැටීමකට ලක්ව තිබූ බවද ඔහු පැවසුවේය.
මෙම වැඩපිළිවෙල යටතේ ඩුබායි රාජ්‍යය ඇමරිකාව සහ ජපානය සමග ගිවිසුම් අස්සන් කළ බවත් මහා බ්‍රිතාන්‍ය, රුසියාව, චීනය ඕස්ට්‍රේලියාව සමගද ඉදිරියේදී ගිවිසුම් අස්සන් කරන බවත් රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
මුල්ම ගිවිසුම අත්සන් කළේ ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තය සමග බවත් එම ප්‍රාන්තයට ලක්සල භාණ්ඩ කන්ටේනර් දෙකක් ලබන සතියේදී පිටත් කර යවන බවත් ජයසේකර මහතා පැවැසීය.
මෙය ග්‍රාමීය බතික් සහ වෙනත් අත්යන්ත්‍ර නිර්මාණ නිෂ්පාදකයන්ට හොඳ අවස්ථාවක් බවද
ඔහු පැවසුවේය.
මෙයට අමතරව තේ සහ කුළුබඩු පිටරට යැවීමටද වැඩපිළිවෙළක් සකසා ඇතැයි ජයසේකර මහතා කීවේය.
මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ලෝක බැංකුවේ සහ ආසියා සංවර්ධන බැංකුවේ පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව යටතේ ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම
14 වැනි ලියෝ පාප් තුමන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ.
සම්පූර්ණ දණහිස් ප්‍රතිස්ථාපන (TKR) පද්ධතිය සඳහා ශරීරයට බද්ධ කරන TKR සංරචක කට්ටල 3,000 ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත
සිතුල්පව්ව හා තිස්සමහාරාම විහාරස්ථාන මූලික කර ගත් පොසොන් උත්සව මාලාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්
වෙසක් උත්සවය හා රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවා අද (09) සිට ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ලක්සල බඩු පිටරටටත් යයි
Nimal Wednesday, 06 October 2021 01:10 PM
ඇත්තද පුදුමයි. පසුගිය කාලේ මුකුත්ම කලේ නැහැනේ.
Lalith M Wednesday, 06 October 2021 02:09 PM
ඉස්සර වෙලා බඩු යවලා සල්ලි ආවට පස්සේ කයිය ගැහුවාට කමක් නෑ. තවම ඉක්මන් වැඩියි.