(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බොරැල්ල බස් රථගාලක අනාරක්ෂිත ලෙස වාහන තුනක ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ පහකට ආසන්න වටිනා ඩීසල් තොගයක් සිය බාරයට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
කුඩා ලොරියක සහ කැබ් රථ දෙකක ඩීසල් ලීටර් 540ක් තිබී පොලිසිය සොයාගෙන ඇත. එම ඩීසල් තොගය බහා තිබූ ප්ලාස්ටික් බූලි, ගෝස් බට ආදියද පොලිසිය බාරයට ගෙන ඇත.
රජයේ පෞද්ගලික ආයතනවල වාහනවලින් සොරාගෙන අඩු මුදලට අලෙවි කිරීම සඳහා ඩීසල් මෙම වාහනවල ගඩබා කර තබන්නට ඇතැයි පොලිසිය කියයි.
වැටලීම සිදුකරන අවස්ථාවේදී සැකකරුවන් පලාගොස් තිබූ බව පොලිසිය කියයි. ඩීසල් තොගය හා උපකරණ වැඩිදුර විමර්ශන සඳහා බොරැල්ල පොලිසියට බාර දී ඇත.




2025 නොවැම්බර් මස 17
35
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2509
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ලක්ෂ 5ක ඩීසල් බොරැල්ලේ රථගාලකින් සොයාගනී