(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා සේවකයන්ගේ මැයි සහ ජූනි මාසවල වැටුප් ගෙවීම හා අනෙකුත් වියදම් පියවාගැනීම සදහා රුපියල් කෝටි 20ක ණය මුදලක් ලබාගැනීමට තීරණය කර ඇත.
එම ණය මුදල ලංකා බැංකුවෙන් ලබාගැනීම සදහා මහා භාණ්ඩාගාරයෙන් ඇපකරයක් ලබාදෙන්නැයි තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් සංදේශයක් මගින් ඉල්ලීමක් කර ඇත.
රූපවාහිනී සංස්ථාවේ සේවකයන් 934 දෙනකු සිටින අතර ඔවුන්ට වැටුප් ගෙවීම සදහා රුපියල් කෝටි 5ක පමණ මුදලක් මාසිකව වැය වන බව වාර්තා වේ.
ඔවුන්ට අනෙකුත් දීමනාගෙවීම සදහා මාසිකට රුපියල් කෝටි තුන හමාරක පමණ මුදලක් ද වැය වන බව රූපවාහිනී සංස්ථා ආරංචි මාර්ග පවසයි.
කොරෝනා වයිරසය ව්‍යාප්තිය හේතුවෙන් රූපවාහිනී සංස්ථාවේ ආදායම විශාල වශයෙන් අඩුවී ඇති අතර ලොතරැයි මණ්ඩල දෙකෙන් මාසිකව ලැබුණ රුපියල් කෝටි 6ක පමණ ආදායම සම්පූර්ණයෙන් අහිමි වී ඇතැයි ද ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැලළිහිණියෝ නුඹ දන්නේ නෑ..
ඇයි අප්පා අර මහ බැංකුවෙන් හොරකම් කරපු සල්ලි මාස 6 පියවා ගන්නවා කිව්වා නේද? දැන් ඒවා මිනිස්සුන්ට මතකත් නැහැ.. අනේ මන්දා අන්තිමට ඕකත් යන්නේ අහිංසක මිනිස්සුන්ගේ උඩින් තමයි..
සුදු අලි කියල මේවට ඉස්සර කිව්වේ. ඒ නම අලින්ට නිග්‍රහ කිරීමක්. කමකට නැති නිකමුන් කිව්වට නම් වරදක් නැහැ. සාමාන්‍ය රාජ්‍ය ක්‍රමයට එකෙක් ඉන්න ඕනේ තැනට හතරක් විතර දමාගෙන...
මෙවැනි විශාල ආයතනයකට මාස දෙකක් ආදායම අහිමි වුණාම වැටුප් ගෙවා ගන්න බැරි නම් කුඩා ව්‍යාපාර ගැන මොන කතාද? බැංකුවකින් ණයක් ගන්න ගියාම දහසක් දේ ඇපයට ඉල්ලනවා. මේ ආණ්ඩුව කරන්නේ මිනිස්සු අන්දවන එක.
එතකොට හදිසියකදී ගන්න මුදලක් මේ ආයතනයේ ගිණුම් වල නැතිද? ඔක්කොම නැති බංග කරලාද? හරිම අගෙයි ...
කොරෝනාට කලින් ඕක ලාභ ලැබුවද? කෝටි 20කුත් ඉතිරි කරගෙන තව ගාණකුත් රජයට ගන්න තිබුණු ඕක විකුණා දැම්මා නම්....
පුද්ගලික නාලිකා සේවකයින් 40-50න් කරන දේ කරන්න ආණ්ඩුවේ මෝලට 1000ක් විතර නිකමුන් අරගෙන. ගහලා පන්නලා දමලා ඕක වහලා දමන්න. ඔය සල්ලි ටික හරි ඉතුරු වෙයි. අපේ බදු මුදල්....
මෙච්චර පාඩු ලබා ගෙන මොකටද මෙවැනි ආයතනයක් පවත්වාගෙන යන්නේ?
අනෙත් මාධ්‍ය ආයතන බෝනස් දෙනවා... රූපවාහිනී පඩි ගෙවන්න ණය ගන්නවා. ආණ්ඩුවල හැසිරීම මනාව පෙන්වනවා.. මේවට දාන්නෙම ආණ්ඩුවේ හෙන්චයියන් එ්කයි..
රාජ්‍ය සංස්ථා හැම එකක්ම පාහේ සුදු අලි. මොකටද මේවා පවත්වාගෙන යන්නේ?
මේක අනිත් රජයේ ආයතන වලටත් වෙනවා. බැංකුත් බංකොලොත් ආණ්ඩුවම බංකොලොත්....
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට තම බලපුළුවන්කාරකම පෙන්වන මෙවැනි බංකොලොත් ආයතන....
මාරුවෙන් මාරුවට දේශපාලන හෙන්චයියන්ට පත්වීම් දීලා දැන් 900 කට පඩි ගෙවන්න ණය වෙලා. පුද්ගලික ආයතනවල ඉන්න කුඩා කණ්ඩායම් මීට වඩා හොඳ සේවාවක් කරලා ලාභ ලබනවා. ලැජ්ජයි.
සේවකයන් 934 මොනවා කරනවද?
අර ඉස්සර කාලේ ඡන්ද දැන්වීම් දාලා ගෙව්වේ නැති සල්ලි ඉල්ලා ගත්තා නම් ණය වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ...
ඔයාලා දෙපැත්තට කඩේ ගියා මිස... හදිස්සියකට ගන්න සල්ලි ටිකක් ඉතුරු කරගත්තේ නැතෙයි. අනේ කුරුල්ලනේ.. දැන්වත් ඉගිල්ලිලා ගිහින් තනියම කෑම සොයාගන්න ඉගෙනගන්න...
යහපාලනයේ හොඳකම තමයි...
පඩි ගෙවන්න කෝටි අටහමාරයි. සේවකයින් නවසිය තිස් පහයි. එක සේවකයෙකුට අනූදාහකට අධික වැටුපක් ලැබෙනවා. එච්චර සුඛෝපභෝගි ආයතනද මෙව්වා...? ලොතරැයි මණ්ඩල් දෙක මාසෙකට කෝටි හයක් දෙනවලු. දිනපු මිනිස්සුන්ටවත් එච්චර දෙන්නේ නෑ.
කොහොම වුණත් අනික් හොරණෑව තමයි ඊළඟ එක... ඒක ඊට හපන්... ඒකත් දැන් කච්චේරියක් වගේ දේශපාළුවන්ගේ ලියුම් වලින් ආපු අය පුරවාගෙන... අටපාස් නැති අය මැනේජර්ලා කරලා. හොරා කාලා අයින් කරපු අය ආයෙම අරගෙන. තිබුණු පරණ දේවල් විනාශ කරලා දැන් ඒකත් දෙහිවල සත්තුවත්ත වගේ සත්තු පිරිලා...!!!
දැන් රූපවාහිනියක් මොකටද? අර අයිති කාරයෙක් නැතිව හිටපු ක්‍රීඩා චැනලයට දැන් බලපත්‍රයක් දීලා තියෙන්නේ... ඔය ගමන්ම අර අයිතිකාරයෙක් නැති මල්වානේ ගෙදරත් අයිතිකාරයාට දෙන්නයි තියෙන්නේ... එතකොට රටේ ප්‍රශ්න සේරම ඉවරයක් වෙයි..