
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ට දැනුම් දී ඇති බව එජාප ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පවසයි.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් හමු වී ඔහු මේ දැනුම්දීම කළ බව දිසානායක මහතා සඳහන් කරයි.
-ඩේලිමිරර් අනුග්‍රහයෙනි-
COMMENTS
අනේ අයින් වෙන්න නම් එපා. තව අවුරුදු 5 විතර ඉන්න. එතකොට ඔය ලැබිච්ච ඡන්ද ටිකත් නැති වෙලා යූ එන් පී කියන රටට පිලිලයක් වෙච්ච පක්ශය නැත්තටම නැති වෙලා යනවනෙ. මේ රටට වෙන ලොකුම හොඳේ ඒක තමා.
රනිල් ඉවත් වීමට තිබුනේ බොහෝ කලකට පෙරය. දැන්වත් ඉවත්වන්නේ නම් හොදය.
ඉතා සතුටුදායක ප්‍රවෘත්තියක් මේ මනුස්සයා පක්ෂයත් විනාශ කරලා රටත් විනාශ කළා
1999 සිටම ගෙදර යන්න කියලා මිනිස්සු කියන්නේ. ඒත් ගෙදර යනකන් විශ්වාස නෑ.
අනේ රනිල් සර් ඇයි දැන්මම යන්නේ. ඉතුරුවෙච්ච ආසනෙත් නැතිකරලම යන්න.
ඇති යාන්තන්... හිතක් පහළ වුණා.
තවම ඉල්ලා අස්වෙලා නැහැනේ... ආපහු වටයක් කැරකිලා තව ටික දවසකින් කියාවි අපි නායකත්ව මණ්ඩලයක් හරි මොකක්හරි පත්කරනවා කියලා.. එක්සත් ජාතික පක්ෂයේ අවසන් සාමාජිකයා දක්වා මෙතුමා නායකයා...
මනාපෙන් පැරදුණු මන්ත්‍රීලා පක්ෂනායකයට අභියෝග කරනවලු. රනිල්, සිරිසේන දෙන්නම ඉන්න ඕනේ ගෙදර. නමුත් සිරිසේන පාර්ලිමේන්තු ආවේ රාජපක්ෂවරු බ්ලැක්මේල් කරලා. රනිල්ට පාර්ලිමේන්තුව වැහුනේ නැහැ. වැහැව්වා. සිරිසේනගේ කොන්දේසියක් වෙන්න ඕනේ. "සිංහල බෞද්ධ විරෝධී අලිසබ්‍රිට" පොහොට්ටු ලැයිස්තුවෙන් අධිකරණ ඇමතිකම දෙන්න හොඳ නම්, "උතුරේ පන්සල් තිබීම ගැන විරුද්ධ වුණු සුරේන් රඝවාන්ට" පොහොට්ටුවේ ලැයිස්තුවෙන් එන්න හොඳ නම්, "සිංහල බෞද්ධ විරෝධී මුස්ලිම්, දෙමළ දේශපාලකයින්ට සජිත්ගේ පක්ෂෙන්" පාර්ලිමේන්තු එන්න හොඳ නම්, "පැරදිච්ච සුමන්තිරන්" එකපාරට දිනුවා කියලා පාර්ලිමේන්තු එන්න හොඳ නම්, "පිල්ලෙයාන්ටත්" පාර්ලිමේන්තු එන්න හොඳ නම්, සිංහල බෞද්ධ රනිල් පාර්ලිමේන්තු ආවහම මොකද? මේ ඡන්දෙදි මනාප ගණන් නොකර පෞද්ගලික වුවමනාවට ප්‍රතික්ෂේප කෙරුවේ රනිල්ව විතරයි. ඒ නිසා කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට අසාධාරණයක් වුණා. රනිල් පාර්ලිමේන්තුවේ නැති එක ගැන වැඩිපුරම සතුටු වෙන්න ඕනේ මම... හැබයි රනිල්ව ප්‍රතික්ෂේප වෙන්න ඕනේ ප්‍රජාතන්ත්‍රවාදීව මිසක්, සිංහල බෞද්ධ විරෝධී මුස්ලිම් දෙමල දේශපාලකයින්ව පාර්ලිමේන්තු ගෙනාපු අයට ඕනේ විදිහට නෙමෙයි.
සජිත් පිල නිසා මෙතුමා මේ තත්වෙට පත්වුණා.
ඉල්ලා අස්වෙන්න ඉතින් මෙහෙම වෙනකන්ම හිටියා.
දැන්වත් මේ විදියේ තීරණයක් ගැනීමට රනිල්ට සිහි වුනේ කොහොමද කියා මගේ ආච්චි අහනවා.
නායකයා පත්කරගතයුත්තේ පාක්ෂිකයන්ගේ වැඩි ඡන්දෙන් මිස කෘත්‍යාධිකාරී මණ්ඩලය හරහා නොවේ.
ලංකාවේ ප්‍රබලම සහ පැරැණිම පක්ෂය විනාශ කළේ රනිල් සහ ගෝලයෝ... පරාද වෙලා නෝණ්ඩිම වෙලත් අදටත් මොහු හැදෙන්නේ නැහැ. නායකත්වයට සුදුසුයි කියලා නම් කරපු 4 දෙනා එක්ක තමයි රනිල් එජාපය විනාශ කළේ. අද එජාපය සුලු පක්ෂයක්... මේ කාටවත් ලැජ්ජාවක් නැහැ. තවත් බැරිකම දැනගෙනත් බලයේ ඉන්න දඟලන පිරිසක්...
ගරුත්වය රැකගෙන පක්ෂයෙන් ඉල්ලා අස්වෙන්න තිබුනා එදා.
නවීන් කිව්වට රනිල් කියලා නැහැනේ.?
මෙතෙක්කල් රනිල් නායකත්වයේ සිටියේ සජිත්ට නායකත්වය ලැබීම වැලැක්වීමට නේද? සජිත් ඉවත්ව ගියපසු නාකත්වයෙන් ඉවත්වීමට තීරණය කලේ තමන් කැමති කෙනාට නායකත්වය පැවරීමටයි. නමුත් එජාප කණ්ඩායමේ කවුරු නායකයා වුනත් එම නායකත්වයට ජනතා කැමැත්ත ලැබේද යන්න සැක සහිතයි.
දැන් යන්න පව් නොදී... ඔබට බායි, බුදුසරණයි.
මෙයාට ගෙදර යන්න තිබුනේ අවුරුදු 20කට විතර ඉස්සෙල්ලා.
රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් වන බව කියවේ. නමුත් ඔහු දේශපාලනයෙන් කිසිසේත්ම ඉවත් නොවිය යුතුවේ. කරු ජයසූරිය මහතාගේ නමත් නායකත්වයට මේ වනවිට යෝජනා වී ඇතිබව මාධ්‍යවල පලවී ඇත. රවී කරුණානායක, දයා ගමගේ කිසිසේත්ම පක්ෂයේ නායකත්වට පත් නොකළ යුතුවේ. ඔවුන් දෙදෙනාම පක්ෂයට වැඩකළ දෙදෙනෙකු වුවත් ජනතාව අතර ඔවුන් දෙදෙනා පිළිබඳව කිසිම පැහැදීමක් නොමැත. පක්ෂයෙන් වෙන්ව ගිය සජිත්, අජිත්, සුජීව, හරීන්, සහ පක්ෂය සහ නායකයා විවෙචනය කළ බොහෝදෙනෙකු යළිත් පක්ෂයට ගතයුතු නොවේ. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට දක්ෂයකු පත් කළහොත් සුළුජාතික පක්ෂ පවා ඔහුට සහයෝගය දක්වනු ඇත...
ඇයි ඒක නවීන් කියන්නේ...?
මෙයා ඔය දේ මීට වසර 15-20කට පෙර නම්බුකාරව කරලා තිබුණා නම් අද ඔය තත්වේ මෙයාටවත් ලංකාවේ පැරණිම දේශපාලන පක්ෂය වූ එජාපයටවත් අද අත්වී ඇති ඉරණම මගහැරෙන්න බොහෝදුටර ඉඩතිබුණා. දැන් ඉතිහාසෙට මෙයාගේ නම ලියන්නේ එජාපය විනාශ කළා කියලයි.
සුධානම විතරයිනේ.
ලොකු දෙයක්...
සූදානම් විතරයි දැන්... ඉල්ලා අස්වෙන්නේ 2025..
පින්නවලහරි, උඩවලවේහරි ගෙනියන්න වෙයි... නැත්තං පිස්සු ඩබල් වෙයි..