(සුමතිපාල දීයගහගේ)
දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා පළාත් සභා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුවට ගා දේනෙත්ති මහතා අද (4) දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ලැයිස්තුවේ පළාත් සභා මන්ත්‍රී ධූරය සඳහා ඊළගට සුදුසුකම් ලබා සිටියේ ගා දේනෙත්ති මහතාය.
1988 පැවති ප්‍රථම පළාත් සභාවේද මන්ත්‍රීවරයෙකු ලෙස දේනෙත්ති මහතා කටයුතු කළේය. 2014 පැවති පළාත් සභා මැතිවරනයටද එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කර එම ලැයිස්තුවේ මන්ත්‍රී තනතුර සඳහා ඒ මහතා සුදුසුකම් ලබා තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කොයි කාලේ ඡන්දෙක ලැයිස්තුවකට නම දාගත්තු කෙනෙක්ද? දැන් එයාට මිනිස්සු කැමතිද දන්නෙත් නැහැ?
සාමාන්‍යයෙන් ඔහොම පුරප්පාදුවකට පත්වුනාම අලුත් එක්කෙනා කියන දේ තමයි 'මම කලින් හිටි ඒ මැතිතුමාගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයාමට කැපවෙනවා' කියන එක. එහෙම කියන්නේ නැද්ද ඔබතුමාත්?