රජයන් කරන ඉල්ලීම් මත පදනම් වී ෆේස්බුක් ගිණුම්, ෆේස්බුක් පිටු හෝ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ තිබෙන අන්තර්ගතයන් හෝ ඡායාරූප හෝ ඉවත් නොකරන බව ෆේස්බුක් සමාගමේ නිලධාරීහු පවසති.
ෆේස්බුක් සමාගම හා ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය සෑම විටම ජාත්‍යන්තර ප්‍රමිත හා තත්ත්ව පිළිපදින බව ද එම නිලධාරීහූ කීහ.
ෆේස්බුක් සමාගමේ නැගී එන වෙළෙඳපොළවල් සම්බන්ධයෙන් අවධානය යොමු කරන කණ්ඩායමක් මෙරටට පැමිණ සිටින අතර ඔවුහු එම කරුණු සඳහන් කළහ.
කොළඹදී ඔවුන්ගේ සහභාගීත්වයෙන් මාධ්‍ය හමුවක් ද පැවැත්විණි. එහිදි අදහස් දැක්වූ ෆේස්බුක් සමාගමේ ප්‍රකාශකයා මෙසේ කීය.
“රජයන් වගේම නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ කටයුතු කිරීමේදී අපි ඉතා විනිවිදභාවයෙන් වැඩ කරනවා. ඒ වගේම අපි ලෝකයේ සෑම රජයක් සහ ආණ්ඩුවක් සමඟ කටයුතු කරන්නේ එකම විදියකට. ඒ තත්ත්ව සහ ප්‍රමිතිය වෙනස් වෙන්නේ නැහැ.
රජයන් සහ ආණ්ඩු සමඟ කටයුතු ක්‍රියාවලිය ඉහළම ජාත්‍යන්තර ප්‍රමිති හා තත්ත්ව අනුගමනය කරනවා. ඒ වගේම අපි මානව හිමිකම් සංවිධානවලට පොරොන්දු ලබා දී තිබෙනවා. එම සංවිධාන සමඟ කටයුතු කරනවා. ඒ නිසා රජයක් හෝ ආණ්ඩුවක් ඉල්ලීමක් කළ පමණින් අපි ෆේස්බුක් ගිණුම්, ෆේස්බුක් පිටු හෝ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ පළවන ඡායාරූප හෝ සටහන් ඉවත් කරන්නේ නැහැ. ඒවා සීමා කරන්නේ නැහැ.
රජයකට හෝ ආණ්ඩුවකට එවැනි ඉල්ලීම් කරන්න පුළුවන්. එසේ ඉල්ලීම් කළ හැක්කේ නීත්‍යනුකූල ආයතනයක් මාර්ගයෙන්. උදාහරණයක් විදියට ශ්‍රී ලංකාවේ නම්, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මාර්ගයෙන්. පුද්ගලයෙක් දිගින් දිගටම අපේ ප්‍රතිපත්ති උල්ලංඝණය කරනවා නම් ඒ උල්ලංඝණය කිරීම්වල බරපතළකම අනුව අපි ඔවුන්ගේ ගිණුම හෝ පිටු ඉවත් කරනවා. එසේ වුවත් අපි එහෙම ගිණුම් හෝ පිටු හෝ ඉවත් කරන්න කලින් එම පුද්ගලයා දැනුවත් කරනවා.
ඔවුන් ඊට එකඟ නැතිනම් ඔවුන්ට පුළුවන් අභියාචනයක් කරන්න. ඒ අනුව ස්වාධීන කණ්ඩායමක් දෙවැනිවරට ඒ ගැන විමසා බලනවා. ඒ කමිටුව කිව්වොත් අදාළ පුද්ගලයා ප්‍රතිපත්ති උල්ලංඝණය කරලා කියලා ඒ පිටුව නැවත ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙත් කමිටුව තීරණය කළොත් අතපසු වීමක් වෙලා කියලා හා ඔවුන් අභියාචනය සමඟ එකඟවුණොත් අදාළ ෆේස්බුක් ගිණුම හෝ පිටුව නැවත ක්‍රියාත්මක කරන්න අපි පියවර ගන්නවා. ඒ වගේම අපි සමාව අයැදීමකුත් කරනවා”.
ඬේලිමිරර් ඇසුරිනි
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන කියන ගානට කුලප්පු වෙන්න එපා. අපේ වැඩි දෙනෙක් පරිගණක වලට ගෙන තියෙන්නේ හොර වින්ඩෝස්. ඒවගේම හොර මෘදුකාංග. බොහොමයක් දෙනා අලුත්ම වයිරස් ආරක්ෂණ මෘදුකාංග සවිකරගෙන නැහැ නැතිනම් එව්වත් හොර එව්වා. වින්ඩොව්ස් සහ අනෙකුත් මෘදුකාංග නිසි ලෙස යාවත්කාලින කරලා නැහැ. මේ තත්වය උඩ මේ පරිඝනක වල දත්ත සහ මුර වචන ආරක්‍ෂිත නැහැ. වෙන එකක් තිය එක්වරක් ෆේස් බුක් අඩවියට ගියාම ඒ පරිගණකය වෙන කෙනෙක් පාවිච්චි කලොත් එහි කලින් තැන්පත් වූ මුරවචනය නිසා අනෙකාටත් එම වෙබ් අඩවියට ඇතුල් විය හැකියි. මෙවැනි තත්වයක් උඩ කවුරුන් මේ පිටුව මකා දැම්මයි සිතා ගන්නට බැහැ. සමහරවිට තමුන්ගේ ගෙදර කෙනෙක්ම කලා විය හැකියි. පොදු පරිගණකයකින් වෙබ් අඩවියට ඇතුළුවී එය නිසි ලෙස අක්‍රිය නොකොට ආවනම් ඉන් පසු එය පාවිච්චි කළ පුද්ගලයෙකු මෙය කලා විය හැකියි.
කුණුහරුප සින්දු කාරයෙක් මේ දවස් වල ඔහුගේ ෆේස්බුක් තහනමක් ගැන තරුණ ළමුන්ව උසිගන්වා කුලප්පු කිරීමට උත්සහ ගනිමින් සිටිනවා නේද? කුණු ගොඩට කුණු එකතුවන්නා සේම, අනාගතයේදී, කුණු ගොඩේ දේශපාලනය කිරීමේ අරමුණ ඇතිව මේ දිනවල කරන නාඩගම දැක සිනාවෙනවා හැර, අපි ඉතින් වෙන මොනවා කරන්නද? වර්තමානයේ සිරි ලංකාවේ ප්‍රබුද්ධම කලාකරුවානන්ට අපිත් ඇහුන්කන් නොදෙන එක හොඳ මදි... වාහිනී කරුවන්ගේ න්‍යායට අනුව ලෝකයේ තිබෙන ලොකුම ප්‍රශ්නයනේ මේ සින්දු කරුවන්ගේ ප්‍රශ්නය, ඒ වුණාට, පව් අනේ එයා..
සදා ලෝක කුජීත ඉරාජ්ගම වගේ එකක් දීලා මෙයාව සතුටු කරවලා දෙන්න.