IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


යුරෝපා සංගම් නිරීක්ෂණ කමිටුව වැඩට බසී

(හර්ෂණ තුෂාර සිල්වා)


යුරෝපා පාර්ලිමේන්තුවේ සාමාජිකයන් පස් දෙනකුගෙන් සමන්විත යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම ජනාධිපතිවරණයේ අවසන් අදියරේ නිරීක්ෂණ කටයුතු අද (13) සිට ආරම්භ කළේය.


තිස් දෙනකුගෙන් යුත් යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම මීට මාසයකට පෙර ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු ආරම්භ කළ අතර යුරෝපා පාර්ලිමේන්තුවේ සාමාජිකයන් පස් දෙනෙක් අද (13) එම කණ්ඩායමට අලුතෙන් එක්වූහ. 

 


ඊට අමතරව මැතිවරණය දිනය පැවැත්වෙන දිනයේ මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමේ කෙටි කාලීන මැතිවරණ නිරීක්ෂකයන් 30 ක් පළාත් නවයට විසිර ගියහ.


ඒ අනුව මෙම කෙටිකාලීන මැතිවරණ නිරීක්ෂකයන් මැතිවරණ දිනයේත්, ඡන්දය ගණනය කිරීමේ කටයුතු නිරීක්ෂණය කරන අතර ඔවුන් අදාළ සොයාගැනීම් කොළඹ සිටින ඔවුන්ගේ නියෝජිතයන්ට ලබාදෙනු ඇත. 


යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම කෙටිකාලීන හා දීර්ඝකාලීන මැතිවරණ නිරීක්ෂකයන් 80 දෙනකුගෙන් සමන්විතය. 


සෑම මැතිවරණ දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ඡන්ද මධ්‍යස්ථාන 300ක් ඡන්දය ගණනය කරන මධ්‍යස්ථාන 30ක් ආවරණය පරිදි නිරීක්ෂණ කටයුතුවල නිරත වීමට අපේක්ෂා කරන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ දූත කණ්ඩායමේ ප්‍රධානී මරිසා මටියාස් මහත්මිය කීවාය. ඇය ද යුරෝපා පාර්ලිමේන්තුවේ සාමාජිකාවකි. 


මැතිවරණ දිනයෙන් පසු පශ්චාත් මැතිවරණ නිරීක්ෂණ කටයුතුවල ද නිරත වෙමින් මැතිවරණයට සම්බන්ධ පැමිණිලි , අභියාචනා ඉදිරිපත් වන්නේ ද යන්න නිරීක්ෂණය කරන බවත් මැතිවරණයෙන් පසුත් දින කිහිපයක් නිරීක්ෂණ කටයුතුවල නිරත වන බවත් මරිසා මටියාස් මහත්මිය පැවැසුවාය. 


මෙවර මැතිවරණ නිරීක්ෂණ කටයුතුවලදී යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම නෛතික රාමුව, මැතිවරණ පරිපාලනය, ඡන්ද ලියාපදිංචිය, මැතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලිය, සමාජ මාධ්‍යය ඇතුළු මාධ්‍යය භාවිතය, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණනය හා සැසඳීම, ප්‍රතිඵල නිකුත් කිරීම යන අංශ ආවරණය වන පරිදි මැතිවරණ නිරීක්ෂණ කටයුතුවල නිරත වේ.




ඡායාරූප ඒ.එෆ්.පී



අදහස් (0)

යුරෝපා සංගම් නිරීක්ෂණ කමිටුව වැඩට බසී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 354 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 403 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site