(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම ගම්මන්පිල වැව අසලදී යතුරුපැදි දෙකක් මුහුණුට මුහුණ ගැටි 21 හැවිරිදි තරුණයකු එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ මැදගම වෙල්පහල පදිංචි තරුණයකු වන අතර අනෙක් තරුණයා බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
ගම්මන්පිල වැව අසලදී යතුරුපැදි දෙක ගැටීමෙන් පසු මියගිය තරුණයාගේ යතුරුපැදිය මීටර් 35 ක් පමණ ඉදිරියට ඇඳි ගොස් මාර්ගයේ යකඩ කණුවක ගැටී තරුණයා එම ස්ථානයේ වැටීමෙන් පසුව යතුරුපැදිය තවත් මීටර් 12 ක් පමණ ඉදිරියට ඇඳි ගොස් තාප්පයක ගැටී නතර වී ඇතැයි පොලිසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හිමින් යන්න ඇති
යතුරුපැදිය/මෝටර් බයිසිකලය කියන්නේ කාර්/වැන් එකක් වැනි සමබර/ වටෙන් ආරක්ෂාවක් ඇති වාහනයක් නොවේ කියල අවබෝධ කරගන්න තාක්කල් මෙවන් මරණ සිදුවේවි.
මේ යතුරු පැදි ධාවකයෝ හිතන් ඉන්නේ ඔවුන් මහමග යන අය කියාලා නොවෙයි. වාහනයක නැගී ගිහින් බලන්න ඔවුන් යන හැටි. ඊයේ මහරගමදී එක යතුරු පැදිකරුවෙක් තවත් කාන්තාවකුත් පසු පස තබාගෙන ප්‍රතිවිරුද්ද දිසාවට ආවේ වීරයෙක් වගේ වැරදි මගේ. ඔහුට යන්න බැරි වුනාම දොස්කිවුවේ මට. තමන් වැරද්දක් කල බවක් හැගෙවුවේ නැහැ. අනතුරක් උනානම් පොලිසි ගානේ ලගින්න වෙන්නේ අනෙක් කෙනාටයි. මගේ මේ කියමන ගැන කිසිදු යතුරුපැදිකරුවෙක් එකග නොවේවි. හැම විටම ඔවුන් හදන්නේ වමෙන් ඉදිරියට යාමටයි. සියලුම අනතුරු වලට මුල නිතිය පිලි නොපැදිමයි.
"මුහුණට මුහුණ" .. හප්පා ගැනීම දැන් අලුත් විලාසිතාවක් වෙලා වගේ...