
(ප්‍රියානි මංගලිකා)
මැරූ මුවන් තිදෙනෙකුගේ සිරුරු, පතරොම් තුවක්කුවක්, ජීව පතරොමක්, හිස් පතුරොම් කොපු තුනක්, පිහියක්, පොරවක්, මුව මස් සමග ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ සේවකයෙකු අද (08) අලුයම හල්මිල්ලවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව මීගලෑව වනජීවි කාර්යාලය පවසයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් දෙදෙනෙකු, මරන ලද මුවන් තිදෙනාගෙන් එක් මුවෙකු මස් කරමින් සිටි බවද, එහි සිටි එක් සැකකරුවෙකු පලාගිය බවද වනජීවී කාර්යාලය පවසයි.
සැකකරු සහ අදාළ නඩු භාණ්ඩ ගල්ගමුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සතුන්ට මේ මහපොළවේ ජීවත් වීමේ අයිතියක් නැද්ද? දුකයි හොඳටම..
ඔවුන් දැඩි දඬුවම් හා විශාල දඩයක් හිමි විය යුතුයි.