(අජන්ත කුමාර අගලකඩ)
ජනාධිපතිවරණ සමයේ මැතිවරණ නීති උල්ලංඝණය කරමින් කටයුතු කළ රාජ්‍ය ආයතන 6කට එරෙහිව නීතිමය පියවර ගැනීමට මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුවී ඇත.
ඒ සඳහා අදාළ ආයතනවල නිලධාරීන් සම්බන්ධයෙන් මූලික විමර්ෂණ දැනටමත් ආරම්භ කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරියෙක් සඳහන් කළේය.
අධ්‍යාපන අමාත්‍යාංශය, නිවාස අමාත්‍යාංශය, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යන ආයතන එසේ මැතිවරණ නීති උල්ලංඝණය කර ඇති බවට චෝදනා එල්ල වූ ආයතන 6 අතර වන බවද ඔහු සඳහන් කළේය.
මැතිවරණ නීති උල්ලංඝණය කළ ආයතන 6ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව තීරණයක් ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව හෙට (25) දිනයේ රැස්වීමටද නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නඩුත් අර පරණ ගොඩටම නේද වැටින්නේ, නිකම් කාලේ කන්න නැතිව හිටියනම් ඉවරයි , මෙතන දුප්පත් මිනිහෙක් ගැවිලා හිටියොත් නඩුව අසාවි ,නැතිනම් ඉතින් අවුරුදු ගානක් යාවි අහන්න.
ඔන්න අපට අවස්තාවක් එනවා මැතිවරණ කොමිසම කොයිතරම් ස්වාධීනද කියල බලාගන්න. බලමු මොකද වෙන්නේ කියලා.
නඩුවලින් වැරදිකරු වුනොත් දඩ ගෙවන්නෙ ජනතාවගේ සල්ලිවලින්ද?