(රංජන් කස්තුරි)
මඩකළපුව , පලාලි සහ රත්මලාන යන ගුවන්තොටුපළවල් කලාපීය වාණිජ ගුවන් ගමන් සඳහා විවෘත කර තිබේ.
ඒ අනුව මින් ඉදිරියට එම ගුවන් තොටුපළවලින් ගුවන් ගමන් සඳහා මගීන් , ගමන් මලු, භාණ්ඩ සහ තැපෑල ගොඩබෑම සහ පැටවීම සිදුකරන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරයි.
මෙතෙක් එම ගුවන් තොටුපළවල් යොදාගනු ලැබුයේ අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා පමණි.
මින් ඉදිරියට දකුණු ආසියානු කළාපයට අයත් රටවල් ගුවන්යානා එම ගුවන්තොටුපළ වෙත ගමන් වාර ආරම්භ කරන බවද දැනටමත් ඉන්දියාව ඊට එකඟව ඇති බවත් සිවිල් ගුවන්සේවා අධිකාරිය පවසයි.
කලාපීය වාණිජ ගුවන්ගමන් ක්‍රියාත්මක කිරීම සඳහා දේශීය ගුවන් තොටුපළ විවෘත කිරීමට රජය ගනු ලැබූ ඇති තීරණයට අනුව එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන බව සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.
COMMENTS
ඉන්දියාවේ ගුවන් සේවාවක් ලංකාවේ අභ්‍යන්තර ගුවන් තොටුපොළවල් වලට ගුවන් ගමන් පවත්වනවා කියපු නිසා වෙන්න ඇති. දැන් ඉස්සරහට ලංකාවේ ගුවන්සේවෙන් විදේශ ගතවෙන්න කොළඹට බස් එකේ එන මගින් කෙලින්ම ඉන්දියාව හරහා ඉන්දියානු ගුවන්සේවා වලින් ගමන් යයි ශ්‍රී ලන්කන් ගුවන්සේවාවට බායි බායි කියා කියා.
දැන් ඕවට රේගු නිලධාරීන් පත් කරනවද ? ආරක්ෂක බලධාරීන් නිසි ලෙස පත් කෙරෙනවද?
ඔය අන්දමට පහසුවෙන් විවෘත කරන්නට අද හැකිවී තිබෙන්නේ රණවිරුවන් දිවි පුදා ත්‍රස්තවාදීන්ට නතු නොවන ලෙස එම ගුවන් තොටුපලවල් රැකගත් නිසා නේද. තිස් අවුරුදු සාපය අවසන් කර සාමය උදාකර අවු.5 ක් ගතවන්ට කලින් ඔය වැඩ කිරීමට මහින්ද රජයට බැරි වුනේ වැඩ බැරි නිසා නෙවි. ප්‍රජාතන්ත්‍රවාදය අනුව රට පාලනයට යොමු වීමට 2014 දී රජය විසුරුවා හැරීම නිසයි. නමුත් විරුද්ධවාදීන් කල්පනා කලේ වැඩ බැරි නිසා එසේ කලා කියා ය. ඔවුන් රටට වැරදි පණිවුඩයක් දී ජනතාව නොමග යවු ඇති බව අපි දැන්වත් තේරුම් ගත යුතුයි.
රත්මලාන සිංහල, පලාලි දෙමළ, මඩකලපුව මුස්ලිම්. හොඳයි නේද?