IMG-LOGO

‘බුල්බුල්‘ සුළි කුණාටුව හේතුවෙන් 100,000ක් ඉවත් කෙරෙයි

බංග්ලාදේශයට ඇතුළු වීමට නියමිත ‘බුල්බුල්‘ සුළි කුණාටුව හේතුවෙන් වෙරළබඩ ප්‍රදේශවල 100,000ක පමණ පිරිසක් වෙත ඉවත්වීමේ නියෝග නිකුත් කර තිබේ.

සෙනසුරාදා(09) සවස් කාලයේ කුණාටුව රට තුළට ඇතුළු වනු ඇති බවත් මුහුදු රළ අඩි 7ක් තරම් උසට නැගෙනු ඇති බවත් අපේක්ෂා කෙරේ.

පහත් බිම්වල පිහිටි දිස්ත්‍රික්ක 12කට පමණ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති අතර මොංග්ලා සහ චිතගොන් ඇතුළු වරායන් ගණනාවක් සඳහාද අනතුරු අඟවා ඇත.

ලොව විශාලතම කඩොලාන වනාන්තරය සහ වඳවීමේ තර්ජනයට මුහුණපා සිටින බෙංගාල කොටින්ගේ නිවහන වන සුන්ඩර්බන්ස් ආසන්නයෙන් කුණාටුව රට තුළට ඇතුළුවනු ඇතැයි කාළගුණ අංශ සඳහන් කරයි.

පැයට කිලෝමීටර් 120ක පමණ වේගයෙන් සුළං හමායනු ඇතැයි ද ඔවුහු පවසති.

ස්වෙච්ඡා සේවකයින් විසින් ගෙයින් ගෙට ගොස් කුණාටුව සම්බන්ධව ජනතාව දැනුවත් කර ඇත.

(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

‘බුල්බුල්‘ සුළි කුණාටුව හේතුවෙන් 100,000ක් ඉවත් කෙරෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 158 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 682 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site