(සුසිල් ප්‍රියන්ත)
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විරෝධය පාමින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කළු ඇදගෙන විරෝධය පෑමත් කතානායක කරු ජයසුරිය මහතාට විරෝධය පාමින් පොදුජන පෙරමුණේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු කළු පටි පැළද සභාවට පැමිණීමත් නිසා අද (21) බලපිටිය ප්‍රාදේශීය සභා රැස්වීම එකම ගාලගෝට්ටියක් බවට පත්විය.
කළු ඇදගෙන පැමිණි එක්ෂත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සභාපති එන්.සමන් ද සිල්වා මහතාගේ සභාපති අසුනේ හා එහි මේසයේ වාඩිවීමට දැරූ උත්සහාය වැළැක්වීමට පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරුන් උත්සහා දරද්දී එහි ඇතිවුයේ දැඩි උණුසුම් තත්ත්වයකි.
ඡායාරූප නැරඹීමට පිවිසෙන්න


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුන් පොරොන්දු වලින් අකුරටම ඉෂ්ට කලේ ඔක්කොම ගිනි තියාගෙන යන පොරොන්දුවයි
වැටුප්. දීමනා, වරප්‍රසාද සහිත ගහ ගන්න එකම වෘතිය තමයි මන්ත්‍රී වෘතිය. නීතිමය පියවර හෝ නඩු හෝ දඬුවම් හෝ අලාභ ගැවීම හෝ නැත. මොනතරම් ගහ ගත්තොත්, පවුලේ උත්සවයක් අවොත් ඔ සේරම පවුල් පිටින් එකම මේසයේ වාඩිවෙන්නත්, පින්තූර ගන්නත් අමතක කරන්න නැහැ. මේවා තමා වෘතියේ සහ මේ රන්ඩුවේ විශේෂත්වය. මේ අලාභය ගෙවන්නෙත් ඔවුන්ව පත් කරන මහජනයා.
මේ අවස්ථාවේදී එකිනෙකා ගහාමරා ගැනීම නොවෙයි කලයුත්තේ.
මේ ගොල්ලන්ව ඊළඟ පාර්ලිමේන්තුවට දක්කමු...