IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පොළොන්නරුව - මඩකලපුව මාර්ගයේ ගමනාගමනය නතර වෙයි

(මනම්පිටිය- නිමල් ජයරත්න)

පොළොන්නරුවට ඇද හැලෙන වර්ෂාව සහ පරාක්‍රම සමුද්‍රයේ  වාන් දෙරටු විවෘත කිරිමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශයෙන් ජලයෙන් යටවිමත් සමග අද (21) උදෑසන වන විට එම මාර්ගයේ රථවාහන ගමනාගමනය සම්පුර්ණයෙන් නතරකර ඇති බව පොළොන්නරුව ආපදා කලමණාකරන ඒකකය සදහන් කරයි.

මනම්පිටිය මහවැලි ඟග පිටාර ගැලිම හේතුවෙන් මනම්පිටිය ගල්ලැල්ල ප්‍රදේශය අඩි 6ක් පමණ ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවී තිබෙන අතර ප්‍රදේශයෙ පහත්බිම් සහ නිවාස මෙන්ම කුඹුරු රැසක් ජලයෙන් යටවි ඇති බව පොළොන්නරුව ආපදා කලමණාකරන සහකාර අධ්‍යක්ෂ උපුල් නානායක්කාර මහතා පවසයි.

පරාක්‍රම සමුද්‍රයේ වාන් දෙරටු 10න් 08 ක් අඩිය බැගින් විවෘත කර තිබෙන අතර ඉන් තත්පරයට ඝන අඩි 880 ක ජල ධාරිතාවක් මහවැලි ඟගට මුදා හැරෙන බව පරාක්‍රම සමුද්‍ර වාරිමාර්ග අධ්‍යක්ෂ අසේල උදයංග මහතා සදහන් කරයි.

පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ප්‍රදේශයෙන් ජලයෙන් යටවිමත් සමගම මනම්පිටිය නගරය දැඩි වාහන තදබදයක් පවතින අතර මගී ජනතාව මේ වන විට දුම්රිය මාර්ගය භාවිත කරමින් ගල්ලෑල්ල සහ මනම්පිටිය අතර පයින් ගමන් කරමින් ගමණාගමන කටයුතු සිදු කරයි.



අදහස් (0)

පොළොන්නරුව - මඩකලපුව මාර්ගයේ ගමනාගමනය නතර වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site