IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පිදුරුතලාගල රේඩාර් පද්ධතිය ගැන වාර්තාවක් කැඳවයි

(තිළිණි ද සිල්වා)

පිදුරුතලාගල කදු මුදුනෙහි ස්ථාපිත කිරීමට යෝජිත රේඩාර් පද්ධතිය සඳහා වන ටෙන්ඩරය සම්බන්ධයෙන් ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමෙන්  වාර්තාවක් කැඳවීමට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ලේකම්වරයා පියවර ගෙන ඇත.

එම රේඩාර් පද්ධතිය ස්ථාපිත කිරීමේ ටෙන්ඩරයට ලංසු ඉදිරිපත් කර ඇති ප්‍රංශ සමාගමක නිලධාරින් දෙදෙනෙකු  මෙම ටෙන්ඩරය ලබා ගැනීමට විවිධ බලපෑම් සිදු කරන බවට ඇමති ප්‍රසන්න රණතුංග මහතා වෙත පැමිණිලි ලැබී තිබූ අතර එබැවින් මේ සම්බන්ධ වාර්තාව කැඳවීමට තීරණය වූ බවද එම අමාත්‍යාංශය කියයි.

ඒ අනුව අමාත්‍ය  ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි අමාත්‍යංශ ලේකම් එස්.එම්. මොහොමඩ් මහත්මිය මෙම වාර්තාව කැඳවා තිබෙන අතර මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදුකර සති 02 ක් තුළ අදාළ  වාර්තාව ලබා දෙන ලෙස අමාත්‍යංශ ලේකම්වරිය ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපතිවරයාට ලිඛිතවම දැනුම් දී ඇත.

ප්‍රංශ සමාගමට අමතරව තවත් රටවල් 02 ක සමාගම් 02 ක් ටෙන්ඩර් ඉදිරිපත් කර ඇති බවත් එම ලංසු ප්‍රංශ සමාගමේ ලංසුවට වඩා අඩු බවත් අදාළ පැමිණිල්ලේ සඳහන්ව තිබිණි යැයි ද එම අමාත්‍යාංශය සදහන් කරයි.

             

 



අදහස් (5)

පිදුරුතලාගල රේඩාර් පද්ධතිය ගැන වාර්තාවක් කැඳවයි

binkunndaa Monday, 10 February 2020 03:39 PM

චීනෙට දුන්නා නම්, අර නොරොච්චෝලේ කරච්චලේ වගේ හැමදාම කැඩිකැඩී තියේවි...

:       84       46

susanthaMonday, 10 February 2020 05:11 PM

ඔය කියන නොරොච්චෝලේ කරච්චලේ නැතිනම් රටෙන් භාගෙකට විදුලිය නෑ

:       39       108

athura Tuesday, 11 February 2020 03:03 AM

කොමිස් එක ඇහුවහම තමයි ප්‍රංශ සමාගමට අපබ්‍රංශ වෙන්නෙ.

:       0       637

අතුල Tuesday, 11 February 2020 12:09 PM

අපි නොදන්න "ප්‍රසන්න රනතුංග"

:       0       0

de silva Wednesday, 12 February 2020 09:06 AM

ඕක චීන සමාගමකට නම් දෙන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 746 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site