Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2023 පෙබරවාරි මස 01 වන බදාදා
(ඩයනා උදයංගනී)
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස ඊයේ (27) පෙරවරුවේ දිවුරුම් දුන් කාංචන විජේසේකර, නිමල් ලන්සා සහ ඉන්දික අනුරුද්ධ යන මහත්වරුන් ඊට පැය කිහිපයකට පසු රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ යළිත් දිවුරුම් දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව ධීවර සහ ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස උදෑසන දිවුරුම් දුන් කාංචන විජේසේකර මහතා පසුව පස්වරුවේ තේ කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇති අතර ප‍්‍රජා සවිබල ගැන්වීම් හා වතු යටිතල පහසුකම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී සිටි නිමල් ලන්සා මහතා පස්වරුවේ ප‍්‍රජා සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස යළිත් දිවුරුම් දී ඇත.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ඉන්දික අනුරුද්ධ මහතා පස්වරුවේ දිවුරුම් දී ඇත්තේ නිවාස රාජ්‍ය අමාත්‍යවරයා ලෙසිනි.
තමා සහ අනෙක් දෙදෙනා ඊයේ (27) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට කැ`දවා ජනාධිපතිවරයා විසින් මේ නව තනතුරු ලබාදුන් බව ලංකාදීපය කළ විමසීමකදී කංචන විජේසේකර මහතා පැවසීය.
තමන් එදින පස්වරු 4.45ට පමණ මෙම තනතුරුවල දිවුරුම් දුන් බවද හෙතෙම ස`දහන් කළේය.
ඒ අනුව නව රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව 38ක් දක්වා ඉහළ ගොස් ඇති අතර නියෝජ්‍ය අමාත්‍යවරුන් කිසිවෙක් නොමැත.
kamal Thursday, 28 November 2019 12:14 PM
කොහොමද? මාස 03 කට රාජ්‍ය අමාත්‍යවරු 38 ක් නම්.... ඡන්දෙන් පස්සෙ කීදෙනෙක් දායිද?.
Reply : 7 682
Nilakshi Thursday, 28 November 2019 01:57 PM
කොහොමත් අයියාගේ බෙර පදයට නටන්න වෙනවා නේද?
Reply : 4 380
රණවක Thursday, 28 November 2019 05:29 PM
නව රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් තෝරා පත්කර ගෙන ඇත්තේ විද්‍යානුකූලව බව සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියේය.
Reply : 0 0
මුණසිංහ Friday, 29 November 2019 03:10 AM
වැරදි වැටහීමක්.මොවුන්ට කැබිනට් ඇමති තනතුරු හා එම වරප්‍රසාද නැහැ. ව්‍යවස්ථාවෙත් තිබෙන්නේ කැබිනට් ඇමති තනතුරු 30 කියලා දැන් තියෙන්නේ 16යි.
Reply : 0 0
රජින්ද Thursday, 28 November 2019 12:35 PM
මේ ජරා දේශපාලන ක්‍රමය ඇති කරපු මිනිස්සුමයි දැන් දේශපාලකයින්ට බනින්නේ. වැඩක් නැහැ. මේ සෙට් එකත් එක්ක ඊළඟ මහමැතිවරණය වෙනකන් අටවාගෙන යන්න වෙනවා. ඒකට කරන්න දෙයක් නැහැ. මීළඟ මහමැතිවරණයේදී සුදුසුම පුද්ගලයින්ට ඡන්දය දෙන්න. ඒ වගේම මහමැතිවරණයත් එක්ක ජනමත විචාරණයකුත් තියන්න ඕනෑ.. මේ ක්‍රමය වෙනස් කරන්න නම්... ගෝඨාභය මහත්මයා වියදම් අවම කරන්න හදනකොට මේ සෙට් එකත් එක්ක ඒක කරන්න වෙනවා. පවතින ක්‍රමය කඩන ඒක ලෙහෙසි නැහැ... ඒත් ගෝඨාභය මහත්මයා ගැන විශ්වාසයි, මහමැතිවරණෙන් පස්සේ ලොකු වෙනසක් එතුමා කරන බව විශ්වාසයි.
Reply : 1827 1386
Ruwan Thursday, 28 November 2019 04:41 PM
බලන් ඉන්න... කරයි හොඳට.. තව අවුරුද්දකින් විතර මේ ගොල්ලන්ට ඡන්දෙ දීපු කවුරුවත් හොයාගන්න නැති වේවි...පව් අපේ මෝඩ සිංහලයින්...
Reply : 0 0
සංජීව Thursday, 28 November 2019 07:31 PM
මොනවද මේ විකාර කතා? වැරදි දේට වැරදි කියන්න දිව නැමෙන්නේ නැද්ද? ඇයි ගෝඨාභයගේ කොන්ද පණ නැද්ද මේ වගේ අයට ඇමතිකම් දෙන්න? 15න් පටන් ගත්තේ දැන් 60ත් පැනලා. උදේ නියෝජ්‍ය ඇමති හවස රාජ්‍ය ඇමති. ලෝක විහිලු. මෙයා විහිලුකාරයෙක් වගේ...
Reply : 0 0
Ranjith Friday, 29 November 2019 12:30 AM
රජින්ද.. ගෝඨාභය ගැන විශ්වාස වුණාට එයාව නටවන කෙනා ගැන විශ්වාස නැහැ... එ්කයි මෙතන තියන ප්‍රශ්නේ... නැතිනම් ගෝඨාභය නියෝගයෙන් අල්ලන්න වටකරපු කෙනා ඔතන ඉන්න බැහැ..
Reply : 0 0
saali Friday, 29 November 2019 03:01 AM
හොඳ නැති අයලු. සුපිරි කට්ටියක් දානවාලු. එලවන්න ඕන හින්දා ඇමතිකම දුන්නලු.
Reply : 0 0
sandy Thursday, 28 November 2019 12:57 PM
අත්‍යාවශ්‍ය නොවන වියදම් කපා හරින්නැයි ජනපති අමාත්‍යාංශවලින් ඉල්ලයි ... හරිනේ. නියෝජ්‍ය ඇමති අනවශ්‍යයයි. ඉතින් ඒ කට්ටියත් රාජ්‍ය ඇමති කළා. කාටවත් ප්‍රශ්නයක් තියෙනවද? කට්ටියට සතුටුද? මන්ත්‍රීකම ඇරුණාම වෙනත් තනතුරු නොලැබුණු අය ආණ්ඩු පක්ෂයේ තව කීයක් ඉතුරුද?
Reply : 36 546
Sugath Thursday, 28 November 2019 01:13 PM
දැනටමත් මේ රජය වැඩකරගෙන යන විදිහට ජනතාව හොඳට පැහැදිලා ඉවරයි.
Reply : 24 369
කුමුදු Thursday, 28 November 2019 02:22 PM
මේ මොන විකාරයක්ද? දොල පිදේනි දෙන්නේ ඇමති තනතුරු වලින්ද?
Reply : 1 407
Naushi Thursday, 28 November 2019 02:42 PM
මේ අයම මහා මැතිවරණයෙන් පත්කර ගනිමු. එතකොට රටේ මිනිසුන්ට පුන්නක්කු දෙන්න පුළුවන්.
Reply : 3 468
asela pumasunghe Thursday, 28 November 2019 07:04 PM
නිමල් ලංසා හරි මාරයි එත් ඇත්තයි... ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, එස් බී දිසානායක මාරෙටම මාරයි... අායෙමත් රට ඉවරයි වගේ..!!! ඔන්න බබෝ ආයේම හොරු ඇවිල්ලා...!!!
Reply : 0 0
සංජීව Thursday, 28 November 2019 07:33 PM
මෙයා සිරිසේනටත් වඩා විහිලුකාරයෙක් වගේ... බොහොම පැහැදිලියි. මල්ලි රජ වුණාට අණ දෙන්නේ අයියා කියලා...
Reply : 0 0
Bamunuarachchi Friday, 29 November 2019 01:34 AM
අපිට දැනෙන්නේ අපි රටක් දිනුවා වගේ, හරිම සතුටුයි.
Reply : 0 1