(ඩයනා උදයංගනී)
දණ්ඩ නීති සංග‍්‍රහයේ සඳහන් වැරදි සම්බන්ධයෙන් වන දඩ මුදල් වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
ඇතැම් පනත්වල සහ ආඥාපනත්වල අඩංගු විධිවිධාන උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පනවා ඇති දඩ මුදල් එම උල්ලංඝණය කිරීම් වැළැක්වීම සඳහා කිසිසේත්ම ප‍්‍රමාණවත් නොවන බැවින් ඒ පිළිබඳව අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් ද මේ වන විට පත් කර තිබේ.
එම කමිටුවේ නිර්දේශ මත දණ්ඩ නීති සංග‍්‍රහයේ සඳහන් වරදවල් සම්බන්ධයෙන් දඩ මුදල් වැඩි කිරීම සඳහා නීති කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකොරාළ මහත්මිය විසින් ඉදිරිපත් යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
රට තුළ සාපරාධී ක‍්‍රියාකාරකම් පිළිබඳ සිද්ධීන් අති විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බැවින් ඊට එරෙහිව දැඩි ක‍්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමේ කාලීන අවශ්‍යතාවයක් ඇති බව අමාත්‍යවරිය විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක ජනතාවට බදුමුදල් වැඩි නොකර අපරාධ කරුවන්ගෙන් සල්ලි අරන් එ්කෙන් ඔයාලා සැප වින්දාටනම් කමක් නැහැ වගේ තලතා මැඩම්... ඔහොම යමු.. ඔහොම යමු.. රට තව ටික කාලෙකින් නැත්තටම නැති වෙයි. අපිට ඉන්න වෙන්නේ මෙහෙ තමයි හැමදාම..
කාලෝචිතයි. දරුණු ගණයේ අපරාධකරුවන් බොහෝම ලිහිල් දඬුවම් වින්දා... එළියට ඇවිත් අර කළාට වඩා තුන්හතර ගුණයක් දරුණු වැඩ අනිකුන් ලවා කරවනවා. අහුවුනොත් එකම වරද ආධාර හා අනුබලදීම කියලා ඇඟ බේරාගන්නවා.
අතීසාරේට අමුඩේ ගැසීමක්...!
මොනවා වැඩිකළත් වැඩක් නැහැ. නීතිය සැමට සාධාරණ නැත්නම්... ඒකෙන් වෙන්නේ අර අඹ ගෙඩියක් හොරකම් කරපු කෙනා ජීවිතාන්තය දක්වා හිරේට දාන එක විතරයි.
ඒ වගේම රථවාහන දඩමුදල් ක්ෂණිකව ගෙවීමේ ක්‍රම ඇති කරන්න. එවිට මිනිස්සුන්ගේ කාලය නාස්තිවීම අඩු වෙනවා වගේම රජයට දඩ මුදලුත් ක්ෂණිකව ලැබෙනවා. ඒ වගේම පගා දීලා මාරුවෙන්නෙත් නෑ. මොකද මිනිස්සු ඒකට පෙලඹෙන්නේ මේ වෙන රස්තියාදුව නිසා බොහෝ වෙලාවට.. ඇප් එකකින් ගෙවන්න, වෙබ් අඩවියෙන් ගෙවන්න, කාර්ඩ් පත භාවිතයෙන් ගෙවන්න.. මොබයිල් ක්‍රම හරහා ගෙවන්න වගේම ඕනෑම කොමියුනිකේෂන් එකකින් ගෙවන්න වගේ ක්‍රම ගේන්න පුලුවන්. ඒවගේම පොයින්ට් ක්‍රමයකුත් හදන්න. රටක් විදියට දියුණු වෙන්න ඕනෑ නම් වැඩ ඉක්මන් කරන්න ඕනෑ එහෙම නැත්තම් වෙන්නේ සෝමාලියාව, අෆ්ගනිස්තානයත් අපිව පහුකරන් යන දවස වැඩි ඈතක නෙමේ...