IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


ජිහාද් ත්‍රස්තයන්ට කිසිම සමාවක් නෑ

කාබුල් ගුවන්තොටුපොළ මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරමින්, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කියා සිටියේ, සිවිල් වැසියන් ඉවත් කිරීමේ කටයුතු නොකඩවා ඉදිරියට සිදු කරන බවය.

ඇමෙරිකන් සොල්දාදුවන් කාබුල් අගනුවරින් ඉවත් කර ගැනීම 31 වැනිදා වනවිට අවසන් කරන බව ද ජනාධිපති බයිඩන් වැඩි දුරටත් පැහැදිලි කළේය. ඇමෙරිකාව ත්‍රස්තවාදීන්ට බය නොමැති බවත්, ඊයේ (26) ප්‍රහාරය එල්ල කළ 'ජිහාද්' ත්‍රස්තවාදීන් ට කිසිදු සමාවක් නොදෙන බවත් ඇමෙරිකන් ජනාධිපති බයිඩන් අවධාරණය කළේය.

මේ වනවිට ඇමෙරිකන් සෙබළුන්ගේ මැදිහත් වීමෙන් ලක්ෂයකට වැඩි ඇෆ්ගන් වැසියන් පිරිසක් විදේශවලට රැගෙන යෑම සිදු වී තිබේ. ඒ, පසුගිය 15 වැනිදා කාබුල් අගනුවර තලේබාන් සංවිධානය අතට පත්වීමෙන් පසුවය.

කාබුල් ගුවන්තොටුපොළ පරිශ්‍රය ඉලක්ක කරගනිමින් බෝම්බ ප්‍රහාර එල්ල කළ 'අයි.එස්.කේ.' ත්‍රස්ත කල්ලිය ඇෆ්ගනිස්තානයේ 'කොරසාන්' පළාතෙන් බිහිවුණු ත්‍රස්ත කල්ලියකි. මොවුන් නිල වශයෙන් හැඳින්වෙන්නේ 'ඉස්ලාමික් ස්ටේට් කොරසාන් ප්‍රොවින්ස්' යන නමිනි.

මොවුන් ඇෆ්ගනිස්තානයේත් අසල්වැසි පාකිස්තානයේත් ක්‍රියාත්මකය. ඇෆ්ගනිස්තානයේ තල්බාන් සංවිධානයේ අණට කීකරු නොවන බිහිසුණුම ත්‍රස්ත කල්ලිය ලෙස සැලකෙන්නේ 'අයි.එස්.කේ.' ය. මොවුන් ඇෆ්ගනිස්තානයෙන් බිහිවීම ආරම්භ වූයේ 2015 වසරේදීය. ඒ ඉරාකයේත් සිරියාවේත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත රාජ්‍යය බිහි වෙද්දීය. කෙසේ නමුත් ඇමෙරිකාව ඇතුළු විදෙස් රටවල් එක්වී, 'ඉස්ලාමික් ස්ටේට්' ත්‍රස්ත සංවිධානය අඩපණ කර දැමීය.

අදවනවිට 'අයි.එස්.කේ.' වැනි ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත කල්ලි ලොව රටවල් රැසක ක්‍රියාත්මක වන බව විදෙස් බුද්ධි අංශ පෙන්වා දෙයි. ප්‍රධාන තලේබාන් සංවිධානයේ මතයට ගරු නොකරන තලේබාන් සාමාජිකයන් බොහෝ දෙනකු මෙන්ම පාකිස්තාන ඉස්ලාමීය ත්‍රස්ත කල්ලි සාමාජිකයන් බොහෝ දෙනකු 'අයි.එස්.කේ.' ත්‍රස්ත කල්ලිය සමඟ එක් වී සිටින බව ද පැවැසෙයි. බාලිකා පාසල්, රෝහල් ඉලක්ක කර ගනිමින් පහර දීම් කරන්නේ මෙම 'අයි.එස්.කේ.' ත්‍රස්ත කල්ලියයි.

මීට වසර කීපයකට පෙර, ඇෆ්ගනිස්තානයේ විදෙස් අනුග්‍රහයෙන් පවත්වාගෙන යන මාතෘ රෝහලකට කඩා වැදී ගැබිනි මවුවරුන් වෙඩි තබා ඝාතනය කළේ ද මෙම 'අයි.එස්.කේ.' ත්‍රස්ත කල්ලි සාමාජිකයන් යැයි විදෙස් පුවත් සේවා මතක් කර දෙයි.

'අයි.එස්.කේ.' ත්‍රස්ත කල්ලිය ක්‍රියාත්මක වන්නේ තෙවැනි පාර්ශ්වයක් හරහාය. මෙම තෙවැනි පාර්ශ්වය 'හක්කානි' ත්‍රස්ත ජාලයයි. තලේබාන්වරුන්ට ආයුධ ලබා දීම සහ තලේබාන් සංවිධානයේ මූල්‍ය කටයුතු මෙහෙයවීම කරන්නේ ද මෙම හක්කානී ජාලයයි.

මේ වනවිට තලේබාන් පාලනය යටතේ කාබුල් අගනුවර ආරක්ෂාව පැවැරී ඇත්තේ හක්කානි ජාලයේ ප්‍රධානී කහීල් හක්කානිටය. මොහුගේ හිස වෙනුවෙන් ඇමෙරිකාව ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක ත්‍යාගයක් ලබා දෙන බව පවසා ඇත.

(රොයිටර්)



අදහස් (10)

ජිහාද් ත්‍රස්තයන්ට කිසිම සමාවක් නෑ

කිරි පුතා Friday, 27 August 2021 10:26 AM

ඇමෙරිකාව අවුරුදු ගානක් ඇෆ්ගනිස්තානයේ ලැගගෙන හිටියා. ත්‍රස්තවාදය ඉවර කළාද ? මෙයාලගෙ අවංක නැති වැඩ නිසා තව තව ලෝකය අස්ථාවර වෙනවා. ඔය ත්‍රස්තවාදීන්ගේ අතේ තියෙන ආයුධ කොහේ හදපුවාද ? මේක ව්‍යාපාරයක්. හැබැයි කර්ම විපාක විඳින්න වේවි.

:       6       76

RaveendraFriday, 27 August 2021 11:19 AM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. තමන් වගාකළ දෙය තමන් නෙලාගන්නවා යන කියමන මොනතරම් නිවැරදිද....

:       4       40

Sriland Friday, 27 August 2021 12:50 PM

බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ...

:       0       30

saman Friday, 27 August 2021 01:12 PM

ඇමෙරිකන් සිරිසේන...!!!

:       0       37

Nuwan Friday, 27 August 2021 01:24 PM

කයිය විතරයි... ට්‍රම්ප් කළදෙයින් 1% ක් කරන්න බැහැ. ට්‍රම්ප් යුද්ද 5ක් නැවැත්තුවා... කිසිකෙනෙක් නොමැරී...

:       1       60

Rohana Friday, 27 August 2021 02:34 PM

මේ ත්‍රස්ත කල්ලි හදන්න ඇමරිකාවෙන් මුලදී උදව් ලැබුණා. දැන් රටේ ඉන්න සිවිල් ජනතාව ඒකට වන්දි ගෙවනවා. ඇෆ්ගනිස්තානය තලේබාන්වරුන් පාලනය කරන රටක්වීම ඒ රටට පමණක් නොව අවට රටවලටත් තර්ජනයක් විය හැකියි.

:       0       22

Akka Friday, 27 August 2021 03:09 PM

ෆොටො ඒකක් තිබ්බනම් අල්ලගන්න තිබ්බා මේ මිනිහව

:       0       33

Bamunuarachchi Friday, 27 August 2021 06:29 PM

ජිහාඩ් කතාව සිංහල ගොයියන්ට තෝරා දෙන්න හැදුවාට තේරුම් ගන්නේ නැහැ.

:       1       79

BamunuarachchiSunday, 29 August 2021 10:35 AM

සුන්නි මුස්ලිම් හා ෂියා මුස්ලිම් අතර නැති සංහිදියාවක් සිංහල මිනිස්සු ඇතිකරගන්න හදනවා.

:       0       1

lelwala Saturday, 28 August 2021 08:13 AM

එක්සත් ජනපදයට නාවික සෙබළුන් 12 දෙනෙකු අහිමි විය. ඔවුන් කිසිදු වෙඩි තැබීමක් සිදු කළේ නැත.

:       0       32

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

නෙදන්යාහු අවසන් වරට බයිඩන් හමුවෙයි
2024 ජුලි මස 26 106 0

වොෂින්ටන් අගනුවරට පැමිණ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතරේ හමුවක්, ධවල මන්දිරයේ දී පැවැත්විණි.


කමලා හැරිස්ගෙන් නෙදන්යාහුට තර්ජනයක්
2024 ජුලි මස 26 229 0

ඇමෙරිකා උප ජනාධිපතිනි කමලා හැරිස් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අතරේ හමුවක් පැවැත්වුණු අතර, එහිදී ඇමෙරිකන් උප ජනාධිපතිනිය, ඊශ්‍රායල


ට්‍රම්ප් කමලාට වඩා ඉදිරියෙන්
2024 ජුලි මස 26 170 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙන අතර ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂයෙන් ඊට ඉදිරිපත් වන හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ වත්මන් උ


යතුරු පැදිකරුවෙක් මේරි කුමරිය හප්පලා
2024 ජුලි මස 26 3271 0

රාජකීය නිල සංචාරයක් සඳහා ග්‍රීන්ලන්තයට ගිය ඩෙන්මාර්කයේ මේරි කුමරිය විදුලි යතුරු පැදියක හැපීමෙන් අකරතැබ්බකට මුහුණ දුන්නාය. යතුරු පැදියේ හැපුණු 52 හැව


ඉන්දියාවත් ලිබියාවත් අතර සබඳතා ඇරැඹේ
2024 ජුලි මස 25 87 0

වසර පහක විරාමයකින් පසු ඉන්දියාවත් ලිපියාවත් අතර යලිත් වරක් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී තිබේ. රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වූයේ ඉන්දියාව, යළිත්


අනවසර සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරැළෙයි
2024 ජුලි මස 25 92 0

බටහිර අප්‍රිකාවේ වෙරළේ මොරිෂානියාවට ඔබ්බෙන් මුහුදේ දී අනවසර සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් අනතුරට පත් විය. එයින් 15 දෙනෙකු මියගිය බවත්, 150 කට වැඩි පිරිස


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1154 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site