(විනීතා එම් ගමගේ)
ජනාධිපවරණය නිදහස් හා සාධාරණව පැවැති අතර සමස්ත ක්‍රියාවලිය දියුණු මැතිවරණයක ලක්ෂණ පෙන්නුම් කළ බව පැෆරල් සංවිධානය කියයි.
2010 – 2014 ජනාධිපතිවරණ සසදා බලද්දි මෙම ජනාධිපතිවරණය ඉතාම සාධනිය ලක්ෂණ පෙන්වා ඇතැයි ද පැෆරල් සංවිධානයේ අද (16) පැවැති මාධ්‍ය හමුවකදී එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
මාධ්‍ය ආගමික නායකයන්ගේ යම් යම් සිදුවීම් මෙන්ම නිහඬ කාල සීමාවේදී සමාජ මාධ්‍යයන්ගේ හැසිරීම වැනි කරණු කිහිපයක් සලකා බැලීමේදී ඉදිරියේ යම් යම් නීති පැනවීමේ අවශ්‍යතාවය පවතින බවද හෙතෙම වැඩිදුරටත් ඒ මහතා පැවසීය.
මැතිවරණ දිනයේ සිද්ධීන් 158 ක් පමණ වාර්තා වූ බවත් මන්නාරමේ සිට පුත්තලම දක්වා ඡන්ද දායකයන් ප්‍රවාහනය කළ බස් රථයකට වෙඩි තැබීමේ සිද්ධීය,නූරි වත්තේ සිදුවූ පහරදීමත් එම සිද්ධීන් අතර වෙතැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
ඡන්ද පත්‍රිකාව සළකුණු කර සාක්කුවේ දමාගෙන වෙනත් පත්‍රිකාවක් පෙට්ටියට දැමූ අයෙක් ඡන්ද පත්‍රිකා සළකුණු කළ පසු ඒවායේ ඡායාරූප ගත කළ පුද්ලයින් තිදෙනෙක්ද ඇතුළුව 5 දෙනෙක් අත් අඩංගුවට ගෙන ඇතැයිද ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිමරුවෝ නැති තරමට ඕනෑම රටක් සාමකාමියි. 2015 වගේ නෙමේ. නැවත අලුගෝසුවෙක් මෙවරත් දිනුවොත් නැවත මේ රටේ මිනිසුන් තිරිසන් සතුන් වගේ ජිවත් වෙන්න ගන්නවා. ඒ කාලේ මිනිසුන්ගේ හිත්වල තිබුන වෛරය, ක්‍රෝදය, ඉල්ලීම් පිටකරගන්න බැරිව හිටියේ. ඒ නිදහස දැන් තියෙනවා. ඒ නිසා තමයි මිනිසුන් සාමකාමිව හැසිරුනේ. දුප්පතාට ආදරය ඇති නායකයා බිහි වුනොත් ඊළගවර මිට වැඩිය මිනිසුන් සාමකාමී වෙනවා.
ජනාධිපතිවරණය දියුණු මැතිවරණයක ලක්ෂණ පෙන්නුම් කිරීමට වර්තමාන රජය බලයට පත්වූ පසු දේශපාලනීකරණය සහ අකර්මන්‍යකර තිබු සියලු කොමිසම් සියලු ආයතන දේශපාලන බලපෑම්වලින් තොරව කටයුතු කිරීමට අවස්ථවන් සලසා ඇත. මෙයට හොදම උදහරණයනම් මෙවර මැතිවරණයේදී මැතිවරණ කොමිස සහ කොමසාරිස්වරයා ඍජුව ක්‍රියාකරන ආකාරය බැලුවිට මෙවැනි බලයක් ඔවුනට තිබේද කියා රටේ ජනතව පවා දැනසිටියේ නැත. එයට හේතුව වුයේ 2015 ට පෙර පැවතී රාජ්‍යයන් විසින් මැතිවරණ කොමිස ඡන්ද පත්‍රිකාව සකස් කිරීමට සහ ප්‍රතිඵල කීමට පමණක් නාමිකව පවත්වාගෙන ගිය ආයතනයක් බවට පත්කර තිබීමය. එම ආයතන සදහා මධ්‍යස්ත නිලධාරීන් පත් කලද ඔවුනට නිවැරදිව රාජකාරිය කිරීමට නීතියෙන් ලබාදී තිබෙන බලය දේශපාලන හස්තයන් විසින් අකර්මන්‍යකර නීතියේ කොන්ද කඩා නොතිබූ නිසාය. මෙවර ජනාධිපතිවරණය දියුණු මැතිවරණයක ලක්ෂණ පෙන්නුම් කිරීමට මුලිකම හේතුව දේශපාලකයන් බලය අතට ගෙන ක්‍රියා නොකිරීමය. දියුණු රටවල මෙන් ඉදිරි මැතිවරණයේදී මැතිවරණ නිරීක්ෂකයන් සීමිත කොට හෝ නොමැතිව මැතිවරණය කිරීමට වගබලා ගැනීමටත් විශ්වාසයක් ජනතව තුල ඇතිකළ යුතුය.
යහපාලනය කළ මෙවන් යහපත් කටයුතු අපේ රටේ දේශපාලන සාක්ෂරතාවයෙන් දුර්වල අයට කිසිදා නොවැටහේ. සැවොම දකින්නේ යහපාලනයේ දුර්වලතා පමණි. යහපාලනයේ හවුල්කරුවෝ පවා මෙය නොදනී. ප්‍රජාතන්ත්‍රවාදයේ අගය දැනෙනුයේ එය අහිමිවූ කලය. නව පාලනය මගින් භූමියෙන් නොවුනද මානසිකව රට බෙදුනා නොවේද?
19 වැනි ව්‍යවස්ථාවෙන් බලගන්වන ලද ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව නොතිබෙන්නට අපට බලන්න තිබුණා සාමකාමීකම කොහොමද කියලා... මොන වැරදි කළත් ජනාධිපති සිරිසේන මධ්‍යස්ථව හිටපු එකත් ඊට හේතු වුණා. සතියක් පොලිසියට නිවාඩු දීපු කාලේ එහෙම අපට මතකයිනේ. 18 වැනි සංශෝධනය තිබුණා නම් කොහොම වෙයිද කියලා හිතන්නත් බයයි. 18 ඉවත්කර 19 වැනි ව්‍යවස්ථාව ගෙන ආ එක මේ රජයෙන් කළ ලොකුම ජනතා සේවය විය හැකියි. ගෞරවය ලැබිය යුත්තාට ගෞරවය දිය යුතුයි.