(සුජිත් හේවාජුලිගේ )
ගස්කොළන් සුලබ පරිසර පද්ධති පවතින ප්‍රදේශවල කොවිඩ් මරණවල සැලකිය යුතු අඩුවක් පෙන්නුම් කරන බවට සෞඛ්‍ය අංශ කළ සමීක්ෂණයකදී තොරතුරු අනාවරණයවී ඇත.
එවැනි පරිසර පද්ධති ආශ්‍රිතව ඔක්සිජන් සැපයුම ඉතා හොඳින් සිදුවන හෙයින් එම තත්වය ඊට ප්‍රමුඛව සහ ප්‍රබලවම හේතුවන්නට ඇතැයි සෞඛ්‍ය විශේෂඥයෝ විශ්වාසය පළ කරති.
කොවිඩ් රෝගය වැළඳුණු බොහෝ දෙනකුට ඔක්සිජන් අවශ්‍ය කෙරෙන අතර එවැනි රෝගීන් බොහෝ දෙනකු පසුගිය කාලයේදී මියගියේද ඔක්සිජන් හිඟතාව පදනම් කරගෙන බව
සෞඛ්‍ය අංශ පවසයි.
ඔමික්‍රෝන් පැතිරීමත් සමග කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 25 කින් පමණද ඔක්සිජන් අවශ්‍ය කෙරෙන රෝගීන් සංඛ්‍යාව සියයට 8 කින් පමණද ඉහළ ගොස් ඇති බව කොවිඩ් සම්බන්ධීකාරක සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවැසීය.
මේ අතර එළිමහන් ස්ථානවලට( සංවෘත ) සාපේක්ෂව දොර ජනෙල් වැසුණු කාමර, උත්සවශාලා වැනි ස්ථානවලින් කොවිඩ් වයිරසය වේගයෙන් පැතිරෙන බවට සොයා ගෙන ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.
විශේෂයෙන්ම වායු සමීකරණය සහිත ස්ථානවලින් කොවිඩ් පැතිරීම වේගයෙන්ම සිදුවිය හැකි බවත් හිරු එළිය හොඳින් පතිත වන ස්ථානවල කොවිඩ් ඇතිවීම සියයට 50කින් පමණ අඩුවන්නේ යැයි පෙනී ගොස් ඇති බවත් හෙතෙම වැඩදුරටත් පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
‘ගස්කොළන් සුලබ ප්‍රදේශවල කොවිඩ් මරණ අඩුයි‘
anura Saturday, 29 January 2022 12:16 PM
ටික කළකට පෙර මුතුරාජවෙල පැත්තේ පුද්ගලයෙකු ඇහුවාලු ඔක්සිජන් කන්නද? කියලා..!
යෝගා Saturday, 29 January 2022 12:34 PM
ඇත්තටම මාධ්‍ය වලින් කරන්න ඕනෑ ඒ වගේ අයව දැනුවත් කිරීමයි. දැන් මාධ්‍ය කරන්නේ ගැලරියට ආතල් දීමනේ...!
Perakum Saturday, 29 January 2022 09:37 PM
දේශපාලුවන් දැනුවත් කිරීමෙන් ඇති ඵලය කුමක්ද? දඬුවම් දියයුත්තේ එවන් අමන දේශපාලුවන් පත්කර එවන ජනතාවටයි... සිදුවිය යුත්තේ ජනතාව දැනුවත් කිරීමයි...
nmSaturday, 29 January 2022 11:27 PM
ගස්කොළන් සුලබ පරිසර පද්ධති (ග්‍රාමීය ප්‍රදේශවල නගරයේ මෙන් නොව ජනතාව සමීපව ගැවසීමක් නොමැත, මාර්ගවල හෝ පොදු ප්‍රවාහනයේ) ගස්කොළන් අඩුවෙන් පවතින (නාගරික ප්‍රදේශවල ජනයා අතර සමීපව ගැවසීමක්, මාර්ගවල හෝ පොදු ප්‍රවාහනයේ ඇත.) ගස්කොළන් සුලභ පරිසර පද්ධති පවතින ප්‍රදේශවල කෝවිඩ් මරණවල සැලකිය යුතු අඩුවක් පෙන්නුම් කිරීම, ගස්කොළන් නිසා සිදුවූවක් බවට තහවුරු නොකරන්න. නමුත් පරිසරය ආරක්ෂා කිරීම පුරවැසි වගකීමකි.
Rexi Saturday, 29 January 2022 01:50 PM
අපේ ගෙවල්වල වායුසමීකරණ නැහැ.. වැසිකිළි වලත් ඒසී තියෙන අයට බය හිතෙන කතාවක් නේද? අර ඔක්සිජන් එපා කියපු හාදයා සිංහරාජෙ ගිහින් පදිංචි වෙයිද දන්නේ නැහැ... අනේ අනිච්චං...!!!
alwis Sunday, 30 January 2022 01:20 AM
එහෙම නම් මැද පෙරදිග මිනිස්සු ඔක්කොම මැරෙන්න ඕනෑ..!
Sriland Sunday, 30 January 2022 02:01 AM
ඕකට මොකටද වියදම් කරලා සමීක්ෂණයක් කලේ .පොඩි එකෙකුගෙන් ඇහුවත් කියයි .ගස් කොලන් වැඩි තැන් වල ජනගහනය අඩුයි, ගෙවල් අඩුයි
Dadpriy6 Monday, 31 January 2022 10:16 AM
ඔක්සිජන් කන්නද? කෝ කෝ... ඇමැතියා...?