(බිඟුන් මේනක ගමගේ)
ගුවන් ටිකට්පත් වෙන් කළ සමාගම විසින්ම ඒවා අවලංගු කර යළි මුදල් ලබා ගැනීමේ සිදුවීමක් හේතුවෙන් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිසක් දැඩි අපහසුතාවයකට පත්ව ඇතැයි වාර්තා වේ.
ගුවන් ටිකට් ටිකට්පත් වෙන් කරන නියෝජිත සමාගමක් තමන් විකිණූ ගුවන් ටිකට් පත් අවලංගු කර එම මුදල් යළි ලබා ගෙන ඇතැයි ද එහි හිමිකරු එමඟින් රුපියල් ලක්ෂ එකසිය පනහකට අධික මුදලක් වංචා කර ඇතැයි ද ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ පිරිසක් 'ලංකාදීපය'ට පැවසූහ.
ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විශාල පිරිසක් මෙම සමාගම හරහා ඔන්ලයින් ක්‍රමයට ගුවන් ටිකට්පත් වෙන්කර ගෙන ඇතැයි ද ගුවන් ගමනට නියමිත දිනයේ දී ගුවන් තොටුපළට ගොස් විමසීමේදී අදාල ටිකට් ටිකට් පත් අවලංගුකර එම මුදල් සමාගම විසින්ම යළි ලබා ගෙන ඇති බව දැනගන්නට ලැබුණේ යැයි ද ඔවුහු කීහ.
පසුව එම සමාගම පිහිටි කාර්යාලයට ගොස් ඒ ගැන විමසීමට උත්සාහ කළ ද එහි හිමිකරු පලාගොස් ඇති බව දැනගන්නට ලැබුණේ යැයි ද ඔවුහු කීහ.
ඒ අනුව තමන් ඉතාලි පොලීසියට මේ ගැන පැමිණිලි කළේ යැයිද එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ද ඉදිරියේදී දැනුවත් කරන්නේ යැයි ද ඔවුහු වැඩිදුරටත් පැවසූහ.
COMMENTS
ඉතාලියේ ඉන්න මෝඩයින්ට මේවා හොඳ පාඩම්. අන්තර්ජාලයෙන් ලාභයට තමන්ට රිසි ගුවන්සේවාවකින් ටිකට්පත් මිලදී ගන්න පහසුකම් තිබියදීත් මේ මී ගවයින් යන්නෙම ලියාපදිංචි අංකයක් වත් නැති ‘දුවනගිරි’ ඒජන්සි වලට. ඉතාලියේ ගොඩක් අය දන්නේ කොම්පියුටරයෙන් චිත්‍රපට නරඹන්න මිසක් අනික් ප්‍රයෝජනවත් දේවල් කරන්න නොවේ.
පිටිගල ඉතාලියේද ඉන්නේ? ටිකට් එකක් ඔන්ලයින් ගන්න බැහැනේ.... මොකද වෙනත් කොන්දේසි තියෙන්නේ එම ටිකට් වල ඒවා අපේ රටට හෝ වෙනත් විදේශිකයෙක් තම මව්රටට යනවිට අදාල කරගන්න බැහැ. ටිකක් හොයලා බලන්නකෝ... අනික හැමෝම දුවනගිරි ඒජන්සි නෙමෙයි කියලත් ඔයා දන්නවනේ.. ඔයාගේ පිළිතුර ලංකාවේ ගෝත්‍රික පිළිතුරක් මිසක් ශිෂ්ඨ සම්පන්න ලෝකෙට අදාල වෙන්නේ නැහැ...
මම නම් ගුවන් ටිකට් පත ගන්නේ ඉතාලි ඒජන්සියකින්, පොඩි ගාණක් වැඩිවෙන්න පුළුවන්.. නමුත් හිතට බයක් නෑ... සම්පූර්ණ වගකීම තියනවා. ඒ වගේම හදිසියේ දින වෙනස්කර ගැනීමකදී වුවද ලංකාවේදී ගුවන් සමාගම් කාර්යාලයෙන් කිසිම ගැටළුවක් නැතිව කරගන්න පුළුවන් වීම.. මේ ප්‍රශ්නය නිතර නිතර ඇහෙන දෙයක්... අපේ අය හැමදාමත් කරන්නේ සුළු ලාභයක් තකා දැන දැන අමාරුවේ වැටීම පමණි.