(තිලකරත්න දිසානායක)

ගම්පහ නගරයේදී ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට අයත් ගිලන් රථයකට පහරදුන් බව කියන පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව ගම්පහ පොලීසිය පවසයි.

පහරදීම කළ 64 හැවිරිදි තැනැත්තා බීමතින් සිට ඇති බවත් "  උඹලට මේවගෙ අපිව ගෙනියන්න බැරිද  " පවසමින් ඔහු අත තිබූ කූඩයෙන් ගිලන් රථයට පහර දී ඇති බවත මින්  එහි පසෙක වීදුරුවකට හානි සිදුව ඇති බව පොලීසිය පවසයි. 

සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර රජයේ දේපලට හානි කිරීම සහ සෞඛ්‍ය සේවකයින්ගේ සේවයට බාධා කිරීමේ චෝදනාව මත ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.