
(ජයන්ත සමරකෝන්)
කොළඹ බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් කණ්ඩායමක් හෙට (17) සිට යෙදවීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර මුලස්ථානය පවසයි.
වැලිකඩ, කොළඹ මැගසින්, රිමාන්ඩ් බන්ධනාගාරය සහ කාන්තා අංශය සඳහා එස්ටීඑෆ් නිලධාරින් 100 ක පමණ කණ්ඩායමක් යෙදවීමට බලාපොරොත්තුවන බව බන්ධනාගාර උසස් නිලධාරියකු ප්‍රකාශ කළේය.
බන්ධනාගාර පිටත ආරක්ෂාව සඳහා මෙම කණ්ඩායම යොදවන අතර බන්ධනාගාර තාප්ප වලට පිටතින් තහනම් භාණ්ඩ විසිකිරිම ඇතුළු නිතිවිරෝධි ක්‍රියා මැඩපැවැත්වීම ඇතුළු බන්ධනාගාර ආරක්ෂාව මෙමගින් බලාපොරොත්තු වන බව ප්‍රකාශකයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩුපාඩු තිබුණත් කමක් නැහැ. අපරාධ නවත්තන්න. මේ වගේම පොලිසියත් සුද්ද කරන්න. පොලිස් කොමිෂන් සභාවත් ස්වාධීන නැහැ. කරන්නේ අමු බොරු. ජනතාවගේ මුදල් නාස්ති කරන වැඩක් නැති කොමිෂන් සභාවක්.... ආණ්ඩුව දැනට නම් යන ගමන හොඳයි වගේ. සැලසුම් සහගත අපරාධ මෙන්ම පාතාලය සහ කඩු නතර කරන්න තව තවත් සැලසුම් කරන්න. පසුගිය වසර කිහිපයේ විශ්වාස කළ නොහැකි තරමට මුදල් ගනුදෙනු කරන ලද බැංක ගිණුම් ගැන තොරතුරු එකතු කරන්න. දකුණේ දේශපාලකයින්ගේ බැංකු ගිණුම් ගැණත් සොයන්න. කෝටි නොවෙයි ප්‍රකෝටි ගණන් ඇති. පාසල්වල විදුහල්පතිවරුන්ගේ බැංකු ගිණුම් ගැන සොයන්න. පොලිසියේ අයගේ මෙන්ම අධ්‍යාපන බලධරයින්ගේ බැංකු ගිණුම් ගැනත් සොයන්න. ගාල්ලේ කාන්තා විදුහල්වල විදුහල්පතිණියන්ගේ බැංකු ගිණුම් ගැනත් සොයන්න. ඒවගේ කෝටි ගණන් නොවෙයි. ප්‍රකෝටි ගණන් ඇති. නගරාධිපතිවරුන්ගේ සහ නගර සභිකයින්ගේ ගිණුම් ගැනත් සොයන්න. එතකොට තේරේවි ඒ මුදල් කොහොමද හම්බ කලේ කියලා. එක පැත්තක් විතරක් බලන්න එපා. අපරාධ කොහොම කළත් අපරාධ තමයි.