(ඩයනා උදයංගනී)
කැලණි ගඟේ ජල මට්ටම නාගලගම්වීදිය ජල මිනුම් ස්ථානයෙන් ඉහළ යමින් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මෙය විමසිලිමත් විය යුතු මට්ටම දක්වා ඉහළ ඇති බැවින් ගඟ දෙපස පහත් බිම්වල ජනතාවට අවධානයෙන් සිටින ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබිණි.
අත්තනගලු ඔය දුනමලේ ප‍්‍රදේශයෙන් පිටාරයාම හේතුවෙන් මේ වන විට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවී ඇති අතර ඒ අවට පදිංචි ජනතාවට දැඩි අවධානයෙන් සිටින ලෙස දැනුම් දී තිබේ.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.