(නිමල කොඩිතුවක්කු)
කී‍්‍රඩා පුහුණුකරුවන් 3850 ක් බඳවා ගැනීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් දැඩි විරෝධය පල කරන බවත් වහාම මෙම කැබිනට් තීරණය අහෝසි කොට පාසල්වලට කී‍්‍රඩා පුහුණුකරුවන් බඳවා ගැනීම අත්හිටුවීමට පියවර ගන්නා ලෙසත් ලංකා ගුරු සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.
මෙය හුදු දේශපාලන උවමනා මත රැකියා ලාබදීමක් බවත් පාසල් පද්ධතියට අවශ්‍ය කී‍්‍රඩා හා ශාරීරික අධ්‍යාපන ගුරුවරු විධිමත්ව බඳවා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
මෙවැනි තනතුරක් රජයේ පාසල් පද්ධතිය තුළ නොමැති බවත්, මෙම පත්වීම් මගින් ශී‍්‍ර ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව උල්ලංඝණය වීමත්, සුදුසුකම් රහිත පිරිසක් පාසල් අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධවීමක් සිදු වන බවත් ඒ මහතා පෙන්වා දෙයි.
මෙසේ සේවා ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් පාසල්වලට කී‍්‍රඩා පුහුණුකරුවන් බඳවා ගැනීමට අවශ්‍ය තෝරා ගැනීම් සිදු කළ ද පළාත් සභා පාසල්වලට බඳවා ගැනීමට යොමු කළ මෙම කී‍්‍රඩා පුහුණු පත්වීම්ධාරීන් පළාත් සභාවලට බඳවා ගැනීම ඒ ඒ පළාත් සභා විසින් ප‍්‍රතික්ෂේප කිරීම මත මෙම බඳවා ගැනීම් නතර වී ඇති බවද ඔහු සඳහන් කරයි.
එසේ තිබියදී නැවතත් පසුගියදා (07) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී මෙම කී‍්‍රඩා පුහුණුකරුවන් බඳවා ගැනීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබීම බරපතල ගැටලූවක් බවද ස්ටාලින් මහතා පෙන්වා දෙයි.
පාසල්වල ඉගෙනුම් ඉගැන්වීම් කි‍්‍රයාවලියට අදාළ ගුරුවරු බඳවා ගැනීම සිදු කළ යුත්තේ 2014.10.23 දිනැති 1885/38 දරණ ගැසට් නිවේදනයෙන් ප‍්‍රකාශිත ශී‍්‍ර ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව පෙන්වා දෙන ඒ මහතා පාසල්වල කී‍්‍රඩා කටයුතු සම්බන්ධයෙන් බඳවා ගත යුත්තේ කී‍්‍රඩා හා ශාරීරික අධ්‍යාපන විෂය ඉගැන්වීම් කරන ගුරුවරුන් බවද සඳහන් කරයි.
COMMENTS
මගේ නෝනත් ගුරු පත්වීමක් ගත්ත එකේ, ස්ටාලින් මහත්මයා කියන්නෙ කොහොමද ගුරුවරුන් වෙන්නේ සුදුසුකම් තියෙන අයමයි කියලා?
අහිංසක කරනවැමියා දුටුවහම එළුවාත් නිකට පනවා කිව්වා වගේ ඇමති මණ්ඩල තීරණ ක්‍රියාත්මක කරන්න ගියහමත් මෙගොල්ලන්ගේනුත් අවසර ගන්න වෙලා. රජයට උවමනා ක්‍රීඩාව දියුණු කරන්න වගේම, තරුණ තරුණියන්ට රැකියා දෙන්න. මේ බඳවාගන්න යන්නේ ගුරුවරුන් නොවෙයි. ඔය කියන පටිපාටි ඕනේ වෙන්නේ ගුරුවරුන් බඳවා ගන්නයි.
ඔබ හරි. අපි සටන් කරමු
කතාව ඇත්ත ඕකෙන් වෙන්නේ දේශපාලුවන්ගේ හෙන්චයියෝ පාසල් ඇතුලට රිංගලා ඒවායේ විනයත් පිරිහෙන එක. අපි නොදන්නවාද දේශපාලන උත්තමයන්ලගේ කෙරුවාව. රජයේ ආයතන පිරිලා තියෙන්නේ එයාලගේ හිතවතුන්ගෙන්
මේ අය දන්නේ ඕන එකකට විරුද්ධ වෙන්න විතරනේ මේ වෙනකොට මොන පාසලේද පුහුණුකරුවන් ඉන්නේ කුලියට ගන්න පුහුණුකරෝවෝ හැම පාසලේම ඉන්නේ.
දැනට ලංකාවේ සුදුසුකම් තියෙන කී‍්‍රඩා හා ශාරීරික අධ්‍යාපන විෂය ඉගැන්වීම් කරන ගුරුවරුන් ඇතිද මේ පුරප්පාඩු ටික පුරවන්ඩ?
අනේ මන්ද ඇම්බියුලන්ස් එනවාට දොස්තරලා විරුද්ද වෙනවා - ක්‍රීඩා පුහුණු කරුවෝ එනවාට ගුරුවරු විරුද්ද වෙනවා, මේ විදිහට හැම වෘත්තිකයෝම තම තමන්ගේ වැඩ වසම් පුහුමානයම රකින්න ගියාම අපි කවද්ද නැගිටින්නේ?
ඉස්කෝලේ ඇරුණු වෙලේ ඉඳන් අතිරේක පන්තිවලට දරුවන් ගාටන සවස නොවේ රෑ10 විතර වෙනකන් ඒවායේ ඉන්න අපේ ළමයින් ගැන... ?
මේ වෙනකොට ලංකාවේ පාසැල් ගණනාවකම ක්‍රීඩා භාරව මොන ආචාර්යවරු හිටියත් ළමයින්ගෙන් හෝ වෙනත් ලෙසකින් ලබා ගන්නා මුදලකින් බාහිර පුහුණුකරුවන්ව ක්‍රීඩා පුහුණුව සඳහා ගන්නවා. මේ විදිහට ක්‍රීඩාව උගන්වන්න දන්නා පුහුණුකරුවන්ව පාසැල් පද්ධතියට ගන්නවා නම් ක්‍රීඩාව දියුණු වෙනවා වගේම ඒකට දෙමව්පියන්ගෙන් සල්ලි ගන්න එකත් නවතිනවා.
දැන් දේශපාලකයෝ ඒ අයගේ ගෝලයින්ට පවුල් පිටින් ජොබ් දෙනවා. අහිංසකයෝ ඉගෙනගෙන විභාග පාස්කරලා ඉල්ලුම්පත් දාලා උඩබලන් ඉන්නවා.
මේ සංගමය, දොස්තර සංගමය අර දවස් 51දී කොහෙද හිටියේ? දැන් ආයෙමත් හැමදාම නිවේදන නිකුත් කරන්නේ...
කොහොමද ඇප්ලයි කරන්නේ .මාත් ආසයි ක්‍රීඩා ගුරුවරයෙක් වෙන්න